Chapter 21

42 9 4
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

( මේක තනිකරම මගේ මනඃකල්පිතයක් විතරයි. මේකේ අදාල idols ලාගේ ඇත්ත ජීවිතේ මේ දේවල් වලට සම්බන්ද කරගන්න එපා. නම විතරයි අරන් තියෙන්නේ ඒ attitudes සම්පූර්ණයෙන්ම වෙනස්. වැරදියට ඔයාලා තේරුම් නොගනීවි කියලා මම හිතනවා. )

Episode 21

" උබ මොකක්ද මට මේ කරලා තියෙන්නේ "

____________________________________________________.

Wall එකට ගැහුව පාරේ සැරට ජැක්සන්ගේ අත තුවාල උනත් කොල්ලාට ඒක ගානක් නොගියේ කොල්ලාගේ අතේ තුවාලේට වඩා හිතේ තුවාලේ ගොඩක් වේදනා දෙන නිසා. තමන් තමන්වම රවට්ට ගනිද්දි, තමන්ට තමන් විතරයි කියලා දැනෙද්දි, තමන් අනාතයෙක් කියලා දැනෙද්දි, තමන්ගේ පව්ල මරාගත්තේ තමන්මයි නේද කියලා දැනෙද්දි. ඔව් කොල්ලාට හීල්ලුනා. කොල්ලාගෙන් ඇහුවොත් ලෝකේ නරකම දේ මොකක්ද කියලා කොල්ලා කිසිම පැකිලීමකින් තොවර අනිවාර්යයෙන් කියාවි ජීවත් වෙන එක කියලා. කොච්චර තමන්ට මැරෙන්න ආසාවක් තිබ්බත් දෛවය ඒකට ඉඩ නොදෙද්දි ගොඩක් මිනිස්සු එතනදි අසරණ වුනා. හුස්ම පොද වැටෙන නිසා ජීවත් වෙන මිනිස්සු කොයි තරම්නම් මේ ලෝකේ ඇද්ද. කොල්ලාට හිතුනෙම එහෙම.

එහෙම ගත්‍තොත් මේ අත පුපුරලා එන වේදනාව එක්තරා විදිහක විහිලුවක් විතරයි කොල්ලාට. මොකද අවුරුදු ගානක ඉදන් ආය ආය පෑරෙන එකම තුවාලේ කොල්ලාව නොසෑසෙන්න වේදනාවෙන් උපරිමේටම ගෙනියව්වා. කොච්චර ගතේ තුවාල තිබුනත් හිතේ තියන ඒ තුවාලේ පැසව පැසව ඒකම පෑරෙද්දි කොල්ලා උනත් හිටියේ ඒ වේදනාවෙන් හෙම්බත් වෙලා. පිටට කොච්චර නපුරු සීතල චරිතයක් උනත් කොල්ලාගේ කදුලු දරාගත්තෙම කොල්ලාගේ කොට්ටේ වෙනකොට හෙන ගැහුවත් දරාගනින් කියලා මොලෙන් පණිවිඩ දුන්නත් ඒ හිතේ තියන ගින්දර මහා රෑට ඇස් අග්ගිස්සෙන් පල්ලම් බැස්සෙ කොල්ලටත් නොදැනීමයි.

මිනිස්සු අසරන වෙන තැන් දෙකයි එකක් පව්ල එකක් ආදරේ. ඔය දෙක ලගදි මිනිස්සු ඕනවටත් වඩා බැටකනවා. එහෙන් පව්ල මෙහෙන් ආදරේ. දෙකෙන් කෝකද තෝර ගන්නේ. ජැක්සන් කලේම තමන්ගේ පව්ල තෝරගත්ත එක. මොකද එයාට තෝරගනීමක් තිබුනේ නැහැ. එක තෝරගැනීමක් විතරමයි කොල්ලා ලග තිබුනේ ඒ තමන්ගේ පව්ල. ජැක්සන් කියන්නෙත් එක්තරා විදිහක දුෂ්ටයෙන් පව්ල වෙනුවෙන් මුලු රටක්ම හොල්ලපු. ඉතින් මම පටන් ගනිද්දිම කිව්වා මේක වීරයෙක් නොමැතිව දුෂ්ටයන් තිදෙනෙක් අතර ඇවිලෙන ගින්නක් කියලා. ජැක්සන් දැන දැනම ඒ ගින්දරට පිච්චෙද්දි ජන්කුක් තමන්ගේ යාලුවා නිසා ඒ ගින්දරට මැදිහත් උනා. නැත්තම් මේක දුෂ්ටයන් දෙදෙනෙකු අතර ඇවිලෙන්න ඉඩ තිබුනා.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now