Last Chapter

78 7 14
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Last Episode.

___________________________________________.

" අපි අප්පාව බලන්න යන්නැද්ද පපා. "

" ම්ම්ම් යමු ලෑස්ති වෙන්නකෝ. "

පුංචි කොල්ලෙක් තමන්ගේ පපාගෙන් තමන්ගේ අප්පාව බලන්න යමු කියලා ඉල්ලන්නේ දැන් අවුරුදු ගානක ඉදන්. ඒත් පපා ඒ දේ පස්ස ගහන්නේ කොහොමද තමන්ගේ දරුවට තමන්ගේ අප්පා ඉන්න තත්වේ පෙන්නන්නේ.

" කොහෙද යන්නේ. "

" සෙමට්‍රි එකට හ්‍යොන්. ඉක්මනට එනවා. "

කුස්සියේ උන්නූ ජින් අහද්දි හෝසක් උත්‍තර දුන්නේ පොඩි එකා කාර් එකට ගිහින් වාඩි වෙද්දි. එහෙන්මම සුදු ඕකීඩ් පොකුරක් අරන් කා එකේ පිටිපස්සෙන් තිබ්බ හෝසක් එහෙන්මම කනත්තට වාහනේ හැරෙව්වේ පොඩි එකාට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙද්දි. කනත්තේ හිටපු කෙනා ගේට්ටුව අරිද්දි හෝසක් පොඩි කොල්ලාව අතින් අල්ලන් ඕකීඩ් පොකුරත් අරන් එක සොහොන් කොතක් ලගින් නැවතුනා. ජැක්සන්ගේ photo එක තිබුනු කොලේ උපන් අවුරුද්ද වගේම මැරුණු අවුරුද්ද සටහන් වෙද්දි හෝසක් ඕකූඩ් පොකුර ඒ කොත උඩින් තියලා එතන දනගහගත්තේ පොඩි කොල්ලා ජැක්සන්ගේ පින්තූරේ උඩින් තමන්ගේ පුංචි අත තියද්දි.

" අප්පා.. "

" අප්පා. මට ඔයා නැතුව හරි පාලුයි. ජන්කුක් සම්චොන් කිව්වේ අප්පා අහසේ තරුවක් වෙලා කියලා. මම හැමදාම රෑට අප්පාට කතා කලා. අනේ අපි ගාවට එන්නකෝ අප්පා. "

පුංචි කොල්ලා අඩ අඩා සද්දෙන් කියද්දි හෝසක් පැත්තකට වෙලා බලාන් හිටියේ තමන්ගේ අප්පා ආය එන්නේ නැහැ කියලා කොල්ලා තේරුම් ගන්න ඕන නිසා. අවුරුදු අටක්. අදට අවුරුදු අටක් ජැක්සන් නැති වෙලා. ජැක්සන් නැතිවෙලා මාසෙකට පස්සේ හැමෝම ආයෙත් සෝල් වලට ඇවිත් ජීවත් උනේ ඇවිත් පහුවෙනිදම අලුත ඉපදුන පොඩි කොල්ලෙක් ගෙදර දොර ලග දාලා ගිහින් තියෙද්දි. ජැක්සන්ගේ මතක එක්කම ජීවත් උනු හෝසක් ඒ පොඩි කොල්ලාව හදන්න බාරගත්තේ නීතියෙන්මයි. ජැක්සන්ට පස්සේ වෙන කිසිම කෙනෙක්‍ට ආදරේ නොකරපු හෝසක් මෙහෙම කෙලින් ක්ටින් ජීවත් වෙන්නේ මේ පොඩි කොල්ලා නිසා.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now