Chapter 09

56 7 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Chapter 09

🧑 " මට ගැහුවේ වූන් එයා හුගක් වැඩිමල්නේ.. "

🦊 " මම ඌ ගැන බලාගන්නම්.. තමුසේ ඉන්නවා බය නැතුව. "

____________________________________________.

වූන්.. සල්ලිකාර තාත්තෙක්කේ සල්ලාල පුතෙක්.. දෙයක් ඕන උනොත් බලෙන් හෝ එය අයිතකර ගැනීම ඔහුගේ විදිහ වුනා.. මුදල් නිසාම ඔලුව උදුම්මගෙන සිටි වූන් යූන් හට පහර දී තිබුනේ ඔහුගේ සොයුරිය නිසා..

දවසින් දවස ගෙවිලා ගියේ වූන් යූන් දෙන්නා එකිනෙකාට මුණ නොගස්සමින්.. හේතුව ජැක්සන්.. ඔහු පසුවදාම වූන්ටත් ඔහුගේ සගයන් හටත් පහර දී තිබුනේ දවස් ගානක් ඇදෙන් නැගිටගන්න බැරි වෙන්න.. නමුත් කුනාටුවකට පෙර පරිසරයද නිහඩ වග ජැක්සන් හට නොදැනුනාම නෙවේ..

සති දෙකකට විතර පස්සේ ජැක්සන් ගෙදර එද්දි නිවසේ කිසිදු විදුලි පහනක් දමා නොතිබුනේ ජැක්සන්ගේ හිත අමුතුම මූසල බවකින් වෙලා ගනිද්දීයි.. හිතේ ඇතිවුන හැගීම මග හරවා ගන්නම ජැක්සන් ගෙට ගොඩ වී ලයිට් දැම්මත් දැක්ක දේ එක්ක ජැක්සන් මොහොතකට සිටි තැනම ගල් ගැසුනේ සිදු වී ඇති දෙය ඔහුට දරාගැනීමට නොහැකි වද්දී.. සොයුරා ලේ විලක් මැද සාලයේ වැටී සිටියත් වෙන කිසිම කෙනෙක් පේන්න නොසිටියා.. ඒ එක්කම සොයුරියගේ කාමරයෙන් ඇසුනු විලාපයට ඔහු එම කාමරය දෙසට දිව ගියත් දොරෙන් ඇතුලත වන දේ දුටු ජැක්සන් හට ඔහුගේ මුලු ලෝකයම කඩා වැටැන්නාක් මෙන් දැනෙන්නට විය..

හැඩි දැඩි පිරිමින් තුන් දෙනෙකු තමන්ගේ මවව යට කරන් වේදනා දෙද්දි වූන් තමන්ගේ සොයුරියව යට කරගෙන සිටිනු ජැක්සන් දුටුවේ සිහිනයෙන් මෙන්.. තමන්ගෙම කුඩා සොයුරිය සහා මව මෙසේ තමන් ඉදිරියේ විනාස වෙද්දි ජැක්සන් කලේ බලා හිදපු එක.. තමන් ඉස්සරහම තමන් පණ වගේ ආදරේ කරපු මල්ලි ලේ විලක් මැද පණ ඇද්දේ ජැක්සන් බලා හිදිද්දි.. ඒ හැම දේම වෙන්න ගියේ පැය කිහිපයක් පමනයි.. මවගෙන් හා සොයුරියගෙන් තෘප්තිමත් වුන ඒ මිනිස්සු වගේම වූන් යන්න යද්දි ජැක්සන් කලේ සැගවී බලා හිදපු එක.. වූන් ඇතුලු පිරිස ගෙදරින් නික්ම ගිය වහාම ජැක්සන් කලේ මව ලගට ගියපු එක...

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now