Chapter 06

60 6 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Chapter 06.

🦄 " තමුන් ?? ...

_____________________________________________...

කිසිම හැල හොල්මනක් නැතිව හිසත් ඇල කරගෙන නිවසේ දොර ඉදිරිපස සිටියේ වෙන කිසිවෙක් නොවෙයි DK.. එහෙමත් නැත්තම් සාතන්..

කලුපාටට හුරු හූඩියට face mask එකක් දාලා හිටියේ තමන්ගේ අනන්‍යතාව සගවන්නටයි.. දාන සිටි වෙස් මුහුනේ ඇස් සිදුරු මුලින් රුදිරය ගලා එන්නාක් මෙන් වර්න ගන්වා තිබුනේ සදුපසුබිමේ රත්ත වර්ණය වඩාත් කැපී පෙනෙද්දී.. අතේ තිබුන කිණිස්සෙත් ලේ තැවරී තිබුනේ ඔහු මීට සුලි මොහොතකට පෙරත් වාක හෝ බිලිබාගත්තා යන්නට සාක්ෂි ලෙසිනි... JK ට මිනිස් ජීවිත සෙල්ලමක් වෙද්දි මොහුට මිනිස් තිරිසන් කියා බේදයක් තිබුනේ නැත.. JK මොහු වැනි මනස විකෘති අයෙක් නොවන නිසාම ඔහු සතුන්ට නොසෑහෙන්න ආදරය කලා නමුත් මානසික විකෘති බාවයකින් පෙලුනු සාතන් හට හැගීමක් දැනීමක් නැතැන් මුළු seoul පුරාම මේ වන විට පැතිරී තිබුනා..

නමුත් ඇත්තෙන්ම සාතන් හට හැගීම් නොමැතිද.. දාම ඝාතකයෙක් වුනත් ඔහුත් මිනිසෙක්.. මිනිසෙකුට පමණක් නොවෙයි තිරිසන් ආත්මයකට වුනත් හැගීම් පොදුයි.. ඉදින් සාතන් හට හැගීම් නැතිද.. නැහැ සාතන් කියන්නේ අතීතයේ සාමාන්‍ය දරුවෙක්.. ඔහුගේ ජීවිතය කණපිට පෙරලෙන්න පෙර ඔහුත් සමාජයට ආදරේ කලා.. ආදරේට ආදරේ කලා.. නමුත් වර්තමානයේ ඔහු දාම ඝාතකයෙක්.. හැගීම් මැරිලා.. නැහැ හැගීම් ඔහු වල දාලා.. හැගීම් මැරිලනම් කොහොමද ඔහු ජන්කුක්ට වෛර කරන්නේ.. ඔහු හා කෝප ගන්නේ.. ඒවා හැගීම් නොවේද.. වලදා තිබෙන හැගීමුයි ඔහු ඒ ලෙසට පිටට පෙන්නන්නේ.. ආදරයට ආදරය කරන කෙනෙක්ට අතීතයේ සිටි ඔහුව ගෙන එන්නට පුලුවන් වේවිද.. දන්නේ කාලයම පමණයි.. ඔහුගේ දෛවයම පමණයි..

🎭 " මට බය නැහැ වගේ ඉන්න එපා පොඩි කොල්ලෝ තමුන්ගේ ඇස් දෙකෙන් ඒක මට පේනවා.. "

සාතන් හෝසක්ට ඔහුගේ හැගීම් බලා සිටියා මෙන් කීවේ ඔහුගේ ඇස් දෙස බලා.. මුහුනේ තිබෙන දේවල් බලන්න අපි කැඩපත උපයෝගි කරගන්නවා මෙන්ම හදවතේ තිබෙන දේවල් වල කැඩපත අපේ ඇස් වෙද්දි හෝසක්ගේ හැගීම් හරි ලස්සනට ඇස් වල ලියවිලා තිබුණා.. ඒක සාතන්ට කියවන්න අමාරු වුනේ නැහැ..

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now