Chapter 17

48 7 8
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය... 🗡🩸]

Episode 17

" ඒක හරිම අමුතු හැගීමක් නේද මගේ මිත්‍රයා.. "

__________________________________________________________________________.

ජන්කුක් හැමෝටම තම තමගේ room වල කීස් දුන්නේ ජැක්සන් හෝසක් මූණට මූණලා තිබුණු කාමර දෙකකට වැටෙද්දි. ඒක ජන්කුක් හිතා මතාම තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් කලා කියන්න පුලුවන්. හෝසක් ජැක්සන් ගැන ඕනවට වඩා වද වෙද්දි ජන්කුක්ට වුණත් මතක් උනේ තමන්ගේ මිය ගිය ප්‍රේමවන්තයව.

" ජැක්සන් උබ මේ හැමදේම දැනගන්න, තේරුම් ගන්න කාලයක් වෙද්දි, සමහරවිට උබ පරක්කු වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් නම් මේ පොඩි එකාව තේරුම් ගනින් මගේ මිත්‍රයා. "

ජන්කුක් කාමරේට යන ජැක්සන් දිහා බලාන් ඉන්න හෝසක් දිහා බලාගෙන හිතුවේ.. මනුස්සයෙකුට තමන්ගේ ලගින්න තියන දේක වටිනාකම දැනෙන්නේ ඒක නැති උනාට පස්සේ නිසා. ජැක්සන් හෝසක්ව තේරුම් ගනිද්දි ජැක්සන් පරක්කු වේවිද. ඔහුට මේ තරම්ම ඔහු ගැන වද වෙන ඔහුව මග ඇරේවිද. දන්නේ ඔව්න්ම පමණයි. කාලයට ඉඩ දී අපි බලාන් ඉමු මිත්‍රයා.

හැම රෑකම වගේ ජැක්සන් නිදාගන්නකම් ඉදලා හෝසක් ජැක්සන්ව බලන්න ජැක්සන්ගේ කාමරේට ගියපු බව දන්නේ හෝසක් වගේම ජන්කුක් විතරයි. ජන්කුක්ට ඕන වුනේම තමන්ගේ මිතුරා ගැන මේ තරමටම වද වෙන ඔහුව ඔහු වෙනුවෙන් රකින්න. ඒත් දෛවය හරි පුදුම සහගතයි.. මොකක් වෙයිද. කොහොම වෙයිද. කවුරුත් දන්නේ නෑ.

🎭 " මට උබව තේරුම් ගන්නම බෑ හෝසක්. මම ගැන ඇයි මෙච්චර වද වෙන්නේ. මගේ පව්ලේ අය ජන්කුක් ඇරෙන්න උබයි මම ගැන මේ තරමටම වද වෙන්නේ හොයලා බලන්නේ. දවසක මම පරක්කු වෙයිද. "

ජැක්සන් තමන් දිහා බලාන් ඉන්න හෝසක් දිහා නොබලාම කාමරේට යන ගමන් හිතුවේ ජැක්සන්ට වුනත් ඒ හැගීම් තෝරා බේරා ගන්න බැරුව ලතවෙද්දි.

හැමෝම නාගන කරලා දවල්ට කෑම ගන්න ආවත් ජැක්සන් ආවේ නැත්තේ කොල්ලට පොඩි හිසරදයක් එන අතරමගත් තිබුණු නිසා.. නාලා ආපු ගමන්ම කොන්ඩෙත් තෙත පිටින් එහෙන්මම නින්දට වැටුනේ හිසේ රදේ එන්න එන්නම වැඩි වෙද්දි.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now