Chapter 25

51 7 6
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Episode 25

________________________________________________.

කාලයක් හිතින් ආදරේ කරලා දැන් හැබැහින් ආදරේ කරනවා කියන්නේ ඒක වෙනස්ම හැගීමක්. මුලු හිතම සින්නක්කර කරගත්තු ඒ පිරිමි ආත්මේ දැන් හදහටම තමන්ගේ කියලා දැනෙද්දි දැනෙන හැගීම. ඒක වෙනස්ම විදිහේ හැගීමක්. විදලාම බලන්න ඕන හැගීමක්. විදින්න ඕන හැගීනක්. හැබැයි හුගක් අය විදවන හැගීමක්.

" මට මේක තාමත් හිතාගන්න බෑ හ්‍යෝන්. "

" ම්ම්ම් මොකක්ද. "

" ඔයා මගේ කියලා. "

හෝසක් ජැක්සන්ගේ පැත්‍ත හැරිලා කියද්දි ජැක්සන් කලේ පුංචි ලා හිනාවක් දුන්න එක විතරයි. ජැක්සන් කොහොන කියන්නද ඒ හිතේ මේ වෙලාවේ උඩු දුවන හැගීම. ඒක කොහොම විස්තර කරන්නද. ඒකට මේ ලෝකේ තියන සේරම වචන ගත්තත් ඒ වචන මදිවෙනවා කියලා විතරයි කොල්ලා දන්නේ.

" උබ දන්නවද මැණික. උබව මගේ කරගන්න. උබව මගේ පපුවේ හංගගන්න මම උබට වඩා හීන දැක්කා. ඒත් මගේම ජීවිතේ කොයි වෙලේද කියලා අවිනිශ්චිත වෙද්දි මම බය උනා උබව මට නැතිවෙයි කියලා. දුරින් ඉදන් බලාගන්න ඕන උනත් මේ මුරණ්ඩු හිත ඉල්ලුවෙම උබව. ඔය දිලිසෙන ඇස් අස්සෙන් මගේම රූපේ දකිද්දි මට මාව දරාගන්න බැරිවුනා මැණික. උබේ ඇස් දෙකම තරුකැට වෙද්දි උබ මට මන්දාකිණියක් උනා. "

ජැක්සන් හිතේ තිබුනු හැගීම් වලින් හතරෙන් එකක් ඒ විදිහට විස්තර කරද්දි ජැක්සන් බලාගෙන හිටියේ ලා දුබුරුපාට ඇස් අස්සෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා. ඉතින් ජැක්සන් කොහොම නෑ කියන්නද ඒ ඇස් වකින් තමන් තමන්වම දකිද්දි. ජැක්සන් කොහොම පිලිගත්තත් නැතත් හෝසක් අයිති ජැක්සන් විතරයි. ඒක හෝසක්ම ලියලා දීලා ඉවරයි. ඉතින් ඇස් දෙකෙන්ම ඒක පේද්දි තවත් සාක්ෂි මොකටද. හිතේ ප්‍රතිබිම්නේ කියන්නේ ඇස් දෙක. ඉතින් හිතේ තියන හැම දෙයක්ම එකක් නෑර ඇස් වල ලියවෙනවා කියලා ඔයාලා දන්නවද.

" මම හ්‍යොන්ට කියන්නෑ මට ආදරේ කරන්න කියලා. ඒත් මේ අත් අතඇරෙන්න දෙන්න එපා. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now