Chapter 15

49 6 0
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 15

" වුණ දේ මම දන්නවා.. පස්සෙ වෙලාවක උබට මම කියලා දෙන්නම්කෝ.. "

ජන්කුක් ජැක්සන්ගේ කනට කරලා කිව්වේ අනිත් අයත් තමන්ගේ වැඩ වලට යද්දි.. වැඩ කිව්වේ ඉතිම් නිදා ගන්න එක තමා.. මොකද ජැක්සන් ගෙදර ආවේ පාන්දර 3ට විතර.. එතකොට තමා හෝසක් ලේ පෙරාගෙන ඉන්න ජැක්සන්ව දැක්කේ..

🎭 " උබ කියන එකක් තමා සහෝ.. යමන් නිදා ගන්න.. මට හෙන මහන්සි.. "

" මිනිස්සු මරලා වෙන්න ඇති.. "

🎭 " අනිවා මම කිව්වනේ සාතන් මාලු බාන්නේ නෑ.. "

ජැක්සන් ජන්කුක්ට එහෙම කියලා උඩට ගියේ නිදා ගන්න කියලා.. සුපුරුදු පරිදි ආයෙත් හැමදේම වගේ යතාතත්වයට පත් වුනේ ගෙදර හැමෝම නිදි නිසා.. ඒත් දෙන්නෙක්ට නින්ද කියන දේ අහලකවත් තිබුනේ නෑ.. එක්කෙනෙක් ජැක්සන්.. ඔහු ඔහුගේ අදුරු මතක සමග හැම රාත්‍රියක්ම ගත කලා.. අනෙකා හෝසක්.. ඔහුට ඔහුගේ වෙන වෙනස තේරුම් ගන්න බැරුව නිදිවැරුවා..

🦄 " හ්‍යුන්ට තුවාල වෙලා තිබුනනේ.. මම මොකද කරන්නේ.. "

හෝසක් ඇදේ ඒ අතට මේ අතට පෙරලෙමින් සිතුවේ ජැක්සන්ගේ අතේ ඌ තුවාලය පිලිබදව.. කිසිවෙකුත් එය නොදකිද්දි.. අඩුම ජැක්සන්වත් හෝසක් ඒක දැක්කේ ජැක්සන් ලගට ගිය වෙලාවේ..

🦄 " හ්‍යුන් නිදි ඇති.. ගිහින් බෙහෙත් දැම්මා කියලා දැනගන්න එකක් නෑ.. "

හෝසක් එහෙම හිතලා firsted box එකත් අරන් ඔහුගේ කාමරයට එහා පසින් පිහිටි ජැක්සන්ගේ කාමරයට ගියේ එය ලොක් කරලාද යන සැකෙන්.. නමුත් මහන්සි පිට හිටපු ජැක්සන්ට කාමරේ දොර ලොක් කරන්න අමතක වෙලා තිබුනා..

🦄 " ඔහ් දොර ලොක් කරලා නෑ.. වෙනදට ලොක් කරනවනේ.. අද අමතක වෙන්නැති.. "

දොර අගුල කරකවපු ගමන් දොර සියුම් ශබ්දයක් නගමින් ඇරුනේ හෝසක් පුදුම වෙද්දි.. හොද අවධානෙන් ඉන්න ජැක්සන්ට දොර ඇරෙනවා වගේම කවුරු හරි ඇතුලට එන සද්දෙත් ඇහුනේ ඔහු අඩ නින්දේ හිටපු නිසා..

🎭 [ මේ මහ පාන්දර හොරුවත් පැන්නද.. වෙන්න බෑ.. පොඩි උන් දොර ජනෙල් ලොක් කරනවානේ.. ]

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now