Chapter 19

55 7 5
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Episode 19

_________________________________________.

[ බාල්දි පෙරලෙන සමයයි මේ.. 😂✌ ].

" සර් පොර ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි උනා ඒත් පොර ඉන්නේ පොරගේ පරණ යාලුවයි පොඩි උන් වගයකුයි එක්ක කියලනම් ආරංචි. "

" ඉක්මනට මට ඌ ගැන හැම දේම හොයලා දීපන්. නැත්තම් මම උබව පරලොව යවනවා දැනගනින්. "

" හරි සර්. "

වූන් ඉන්නේ සාතන් එක්ක වියුරු වැටිලා. මොකද වූන්ගේ මුලු ලෝකෙම උනේ වූන්ගේ තාත්තා. අම්මා නැතුව පොඩි කාලේ ඉදන් තමන්ව බලාගත්ත විදිහ වූන්ට මැවිලා පෙනුනා. මොකක් හරි වරදක් කලාම දවස් ගනන් තමන් එක්ක කතා නොකර හිටපු විදිහ. දෙයක් ඉල්ලද්දි බෑ නොකියා ගෙනත් දුන්නු විදිහ වූන්ට මැවි මැවී පෙනුනා. ඔව් කෙනෙක්ගේ වටිනාකම දැනෙන්නනම් අපිට ඒ කෙනාව අහිමි වෙන්නම ඕන. ඉතින් වූන්ටත් තමන්ගේ තාත්තාගේ වටිනාකම දැනෙද්දි වූන් වුණත් පරක්කු වැඩී.

" මම උබගේ මුලු ජීවිතේම විනාස කරනවා සාතන්. උබ කවුරු උනත් මට වැඩක් නෑ. "

ඒත් වූන් දන්නවානම් සාතන්ගේ ජීවිතේ ආය අමුතුවෙන් විනාස කරන්න දෙයක් නෑ කියලා. අවුරුදු 15කට කලින් ඔහුම ඒ ජීවිතේ විනාස කලා කියලා දන්නවානම් මෙච්චර තරහා නොගෙන ඉදීවි. එහෙම හිතනවද. නැහැ. සාතන්ගේ විනාස වෙලා තියෙන ජීවිතේ අපායක් කරන්න එහෙනම් වූන් දෙපාරක් හිතන්නේ නෑ.

______________________________________________.

" උබ මොකද අර පොඩි එකාව අච්චරටම මග අරින්නේ. "

" එහෙම නෑ බන්. "

" මම අද කිව්වා කියලා හිතා ගනින්. උබට උගේ වටිනාකම තේරෙයි ඌ නැති දවසක. උබ පසුතැවෙයි අද ඒ දේ තේරුම් නොගත්තට. "

" මගුලක් කියවන්නේ නැතුව ඉදපන් බන්. ආ මේහ් ඒක නෙවේ අද රෑට වැඩක් තියනවා. වෙනසකටත් එක්ක උබත් එනවද. "

" ඒකනම් හොදයි. මෙහේ අස්පු දවසේ ඉදන් ඇග හිරිවැටිලා වගේ යකෝ. "

" එහෙනම් හිරි ඇරගන්නත් එක්ක යමන්. කොහොමත් මේක අතින් පයින් තමා කරන්න වෙන්නේ. "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now