Chapter 16

43 8 0
                                    



𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸]
Episode 16

🎭 " මොන මගුලක්ද ඒ කිව්වේ.. "

______________________________________________..

කාලෙට අත්තටු ලැබිලා හා සමානව දින සති ගෙව්නේ ජන්කුක්ලා ගෙදට්ට කට්ටිය යන දවස උදා කරමින්.. කට්ටිය seoul වල හිටියත් ජන්කුක්ගේ ගේ තිබුනේ බූසාන් වල.. පැය කිහිපයක ගමනක්..

🐹 " මගුල් ගෙදරක නෙවේ යන්නේ වරෙව් ඉක්මනට.. හ්‍යුන්ලා එනවත් ඇති .. "

🦄 " මේ එනෝ.. "

කොල්ලොන්ට ඇදගන්න විනාඩි පහයි යන්නේ කිව්වට මේ කොල්ලෝ ටිකටනම් ඇදගන්න පැය දෙකකටත් වඩා ගියා.. මොකද කට්ටිය බැගේජ්වත් ලෑස්ති කරලා තිබුනේ නෑ.. විනාඩි කිහිපයකට පස්සේ ජන්කුක් ජැක්සන් දෙන්නා ආවම කට්ටියම බූසාන් යන්න පිටත් උනේ යුන්ගේ නැග්ග ගමන් මුල්ලක් අල්ලන් නිදියගනිද්දි..

බූසාන් නගරයෙන් මදක් ඔබ්බට වෙන්න තිබුනේ ඝන කැලයක්.. කැලේ කපලා හොදට කාපට් කරපු පාරක් තිබුනත් ඒ පාරට හිරු එලිය වැටුනේ හරිම මන්දගාමි වුදිහට.. මොකද කියනවානම් පාර දෙපසම තිබුනේ ඝන කැලේ.. අහස් කුස වහගෙන හිටිය විශාල ගස් නිසා පාරට හරියට හිරු එලිය නොවැටුනේ දවල් දොළහට උනත් මූදුමත් එක්ක අදුරු පරිසරයක් ඒ පාරට උරුමකර දෙමිනුයි .

යන පාර දිහා ඇස් කරකව කරකව බලාන් හිටිය ජිමින් කට ඇරියේ පරිසරේ තිබුනු සාමකාමි බව එහෙම්පිටින්ම විනාස කරලා..

🐥 " හ්‍යුන්ට වෙන පැත්තක් තිබුනෙම නැද්ද ගේ හදන්න.. හරිම හොල්මන් පාටයි අප්පා.. "

🎭 " පාත්ත පැටියෝ හොල්මන් පාටයි නෙවේ කොහොමත් මෙහේ හොල්මන්.. රෑට කවුරුත් මෙහෙ එහෙ මෙහෙ යන්නේ නෑ.. "

🐥 " ඔව් මෙහේ ඉන්න ලොකුම හොල්මන ඔයානේ.. දවසට එක ගානේ මනුස්සයෙක් මහ රෑ මැරෙද්දි කව්ද රෑට රෑ වෙලා කට්ට තනියම ගමන් යන්නේ ... "

🎭 " ඔයා හරිම බුද්ධිමත් පොඩි එකෝ. "

🦄 " ඔයත් මෙහෙමද.. "

🎭 " ම්ම්ම් සාතන් ඉපදුනේ මෙහෙ.. හැදුනේ වැඩුනේ මෙහේ... කවදා හරි ඇස් පියාගන්නෙත් මෙහේ... "

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now