Chapter 26

36 6 2
                                    

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Episode 26

____________________________________________..

" boss උන් පිටත් උනා. "

කැලේ ඇතුලට වෙන්න තියන නිවසකින් වාහනයක් එලියට දානවත් එක්කම පැත්තකට් වෙලා ඒ දිහා බලාගෙන හිටපු කෙනෙක් දුරකතනෙන් තවත් කෙනෙක්ට කිව්වේ එහා පැත්තෙන් හිනා හඩක් විතරක් ඇහෙද්දි.

" එහෙනම් විදවන්න ලෑස්ති වෙනවල්ලා. "

එච්චරයි. ඔව් එච්චරමයි උත්තර විදිහට හම්බුනේ. ඉතින් තවත් මොනාද. අද දවස හෝ හෙට දවස විශාල කුනාටුවකට උරුමකම් කියාවි. මෙච්චර කාලයක් නිසලව තිබුන එකම පුදුමයක් උනත් මේ වෙලාව වෙන්න ඇති හැමෝගෙම දෛවය විසදන්න.

_____________________________________________.

දවල් වෙද්දි තැනට ආවත් මොකද. ඇත්තටම ඒක මාරම ලස්සන තැනක්. පයිනස්, ජින්කෝ, රෙඩ්වූඩ් ගස් හැම තැනම. ඉතින් මේ හිත නිවන තැනට කොල්ලෝ ටික කැමති වෙන්න ගියේ පුංචි වෙලාවයි. පුදුම වෙන්න දෙයක් නැහැ. Nami island කියන්නේ පුදුමාකාර ලස්සනක් තියෙන තැනක්.

" ඉස්සෙල්ලාම හොටෙල් එකට ගිහින් හවසට ලී ගග බලන්න යමු. "

ජැක්සන් කිව්ව දේට හැමෝම එකග උනත් දෛවය විසදන්න යන ජීවිත ගැන දන්නවානම් කිසිම කෙනෙක් තියා ජන්කුක් මේ ගමන එමුයි කියලා අදහසවත් දෙන්නේ නැහැ. සමහර විට හැමෝගෙම ජීවිත වගේම කර්මයත් අද පඩිසන් දෙන්න පුලුවන්. ඒත් ඒ තීණ්දුව සාධාරණ වේවිද. ඒකයි තියන එකම සැකය.

හොටෙල් එකට ගිහින් බුක් කරමු රූම් වලට හැමෝම ගියේ කපල් වලට රූම් හතරක් ඇති උන නිසා. ජැක්සන් හෝසක්, ජන්කුක් ටෙහ්‍යුන්, යුන්ගි ජිමින්, නම්ජූන් ජින්, ඉතින් හැමෝම වෙන් වෙලා තම තමන්ගේ කාමර වලට ගිහින් ඇගපත හෝදගෙන ටිකක් ඇල වුනේ විවේක ගන්න කියලා හිතාගෙන. නින්දට යද්දි තනියම හිටියත් හෝසක් ඇහැරුනේ ශක්තිමත් අත් දෙකක් මැද්දේ. හෝසක්ට ඕන උනා හැමදාම මේ විදිහට නැගිටින්න. මේ මූණ දිහාම බලාන් ඇස් පියාගන්න. ජැක්සන්ට තිබුනෙත් ඒ හා සමානව ආසාවන් ටිකක්. අන්තිම හුස්ම මේ අත් අරත හෙලන්න ජැක්සන් හිතාගත්තේ එදාමයි. ඉතින් ඒ ආසාවන් වලට සාධාරණයක් වේවිද. බලමු නේද.

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭 Where stories live. Discover now