Yuji's Story 05

157 36 4
                                    

දින සති ගනන් ගෙවී මාස දෙකක් සාමාන්‍ය විදියට ගෙවිල ගියා. හොදටම සනීප වෙනකන් අම්මා මට ඇදෙන් බහින්න දුන් නෑ. තාත්තා වැඩිය කතා නොකලත් මාත් එක්ක අම්මගෙන් මම ගැන  හැමදවසකම මට ඇහෙන්න  නැතිවෙන්න අහලා තියනවා. ඒක මට කිව්වේ මගේ මල්ලි. මම ආස කෑම බීම තාත්තා වැඩ ඇරිලා එද්දි ගෙනාවත් මල්ලි අතේ හරි අම්මා අතේ හරි මට එව්වා.

ඒ කියන්නේ එයාලා මට ආදරෙයි. හ්ම්ම්...

මම ඇයි එහෙම කියන්න හේතුව? ඔව් ඒකට හේතුවක් තියනවා. ඇත්තටම එදා උනේ මොකක්ද ? මගේ ඔලුව තුවාල කරගත්ත දවසට කලින් දවසෙ රෑ.?


2020 මැයි 07 රෑ....

අහස එකපාරම කලු කරගෙන ආවා. මොර සූරන මහ වැස්සක් වහින්න වගේ ලොකු අකුනුත් එක්කම අහසේ ගිගුරුම් හඩ එන්න එන්නම වැඩි උනා. මම University එකෙ gate එකෙන් එලියට ආවේ හවස 5 ට.

ඒයි... Yuji..
උබ ගෙදර යන්නේ කොහොමද ?

ඒකතමයි..Naka..කුඩයක්වත් නෑ. බලනවකෝ මම වැස්ස දවසටම යි කුඩේ අමතක කරලා එන්නේ..

මගේ කුඩේ තියනවා මම ඕනි නන් ගිහින් දාන්නම්?

නෑ නෑ... බන් උබ කරදර වෙන්න ඕන් නෑ. වැස්ස පෑව්වම මම යන්නම් හෙමීට.

Yujii...තමුසේ මහ නරකයි. මාව දාලා යන්නද හදන්නේ ඉක්මනින් ආහ්..

අම්මෝ ඔන්න ආවා උබේ ආත්ම සහකාරයා. Yuji උබට අද නම් මේ වැස්ස පායකන් ඉදියොත් මෙහෙම තමා ඉන්නවෙන්නේ.

Naka මට එහෙම කිව්වේ වැලමිටෙන් මට අනින ගමන්.

Naka.... කට වහන් ඉදහන්.

University එකේ මගෙ හොද යාලුවෙක් තමයි Naka. එයා Taka ව අදුරගන්නෙත් මම නිසාමයි. ඒ නිසා එයා Taka ගෙත්යාලුවෙක් වුනා.  එයාගේ සම්පුර්ණ නම Nakamura. ලේසියට අපි කතා කරන්නේ Naka කියල.

Nakamura.

Nakamura

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Who Am I | YUJI'S STORY |Where stories live. Discover now