Yuji's Story 18 (The last chapter)

250 48 52
                                    

සයිකො____🖤

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සයිකො____🖤

කිසිවෙකුත් මට ප්‍රේම
නොකරන්න...
කිසිවෙකුත් මට අනුකම්පා
නොකරන්න...
මා රුදුරු මුහුණට
හැමෝම වෛර කරන්න...
මා කුමක් කරම්ද...

ඔව් මට සයිකො...

ලේ පාටට දිලෙන මගේ
ඇස් හැරයන්න...
ලේ තැවරුනු සරාගී තොල්
මතට වහනොවැටෙන්න...
මගෙන් ඈතට දිවයන්න...
දැවෙන මා දෑසින්
ඉවත් වන්න...
කියනු හැර මා කුමක් කරම්ද...

ඔව් මට සයිකො...

පවනක් දෙනෙතින් මට
නොසලන්න...
නැවත මා සොයා
නොඑන්න...
තනිවම මට මා හා
කතාකරන්න...
තනිවම මට මාහා
සිනාසෙන්න ඉඩදෙන්න...

ඔව් මට සයිකො...

වැලපෙනු බෑ මට එදා
මෙන් නැවත කිසිදින....
වේදනා ඇතත් සිතේ බෑ
මට ඔබට නැවත ලන්වෙන්න...
මමත් ඇට මස් ලේ නහර
ඇති මිනිසෙකුය මහපොලවට...
වෙනස නම් මා දැන් උමතු
පුද්ගලයෙකුය ලොවටම...
ඉතින් මා කුමක් කරම්ද...

ඔව් මට සයිකො....

කියනු හැර...🖋️

_*Breaking News*_

මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්,

අද සවස හයට පමන Tokyo Mental Health Shintomi Therapy රෝහලෙන් මානසික ව්‍යාධි රෝගියෙකු පැනගොස් තිබෙනවා. ඔහු පැනයන දර්ශන රෝහල් cctv කැමරා වල සටහන් වී ඇති අතර මේ වනවිටත් ඔහුව තවමද සොයාගෙන නැත. මෙහි දිස්වන ඡායාරූපයේ සදහන් වන ඔහු නමින් Yuji Okada වේ. ඔහුව දුටුවහොත්  වහාම පහත අංක වලට අමතන්න. ඔහු කිහිපවරක්ම මිනිස්සුන්ට පිහියෙන් ඇනීමට තැත් කල රෝගියෙකු නිසා ඔහුගෙන් ප්‍රවේශම් වන ලෙස දැනුම් දී තිබෙනවා.

ස්තූතියි...

අනේ Yuji... මගේ පුතා.

අම්මේ ඔහොම ඉන්න.

Who Am I | YUJI'S STORY |Donde viven las historias. Descúbrelo ahora