Yuji's Story 15

131 34 19
                                    

උදේ මම නැගිටිනකොට දවල් 12 ත් පහුවෙලා.

ආආආහ්ම්ම්...

මම කෙදිරිගෑවා. හෙමින් හෙමින් ඇස් අරිනකොට මම තාම එදා රෑ හිටපු ඇදේමයි.

Ta..Taka..

කිසිම සද්දයක් නෑ. මම නිදාගෙනම හැරි හැරි බැලුවේ Taka ව. ඒත් එයා නෑ. මම හෙමින් හෙමින් නැගිට්ටේ මුලු ඇගම වෙව්ලද්දි.මට හොදටම අමාරුයි වගේම ඇගත් රස්නෙයි.

Taka..

මම අමාරුවෙන් කතා කලා. ඒත් එයා නෑ. එයා මාව එතනම තනිකරල ගිහින් කියල මට එවලෙම තේරුනා.

Taka...Takaaaaaaaahhhhh...

මම හයියෙන් කෑගහුවා. පුලුවන් තරන් හයියෙන් කෑගහුවා. උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවා. පස්සේ මම ආයෙමත් ඇදට වැටිලා හයියෙන් අඩන්න ගත්තා.

ඇයි.. ඇයි... මට මෙහෙම කරන්නේ?? ඉහි ඉහි...

එකපාරම කවුද දොරට ගැහුවා. මම එවලේ බය වෙලා ආපහු නැගිට්ටා.

දෙයියනේ මගේ ඇගේ ඇදුන් නෑ. මගේ ඇදුම් ඊයේ රෑ ඉරලා දාපුවා එහෙමමයි.

මම දැන් මොකක්ද කරන්නේ?

පස්සේ ඒ කෙනා දොරට හයියෙන් ගැහුවා.

සර්... සර්...මේ දොර අරින්න..කරුණාකරලා.

මම එවලේ අන්තාසරන උනා. ඒ කට හඩ Taka ගේ නම් නෙමෙ. දෙයියනේ මම කොහොමද ඇදුන් නැතුව යන්නේ?

මම ටක්ගාලා කදුලු පිහගත්තා. බෙඩ් ශීට් එකෙන් ඇග වහගෙන හෙමින් හෙමින් දොර ලගට ගිහින් දොර ඇරියා.

අහ්..සොරි සර්.. මම යන්නම්.කරදර කලා නම් සමාවෙන්න.

ඒ මනුස්සයා මම බෙඩ් ශීට් එකෙන් වහගෙන ඉන්න විදිය දැකලා ගොඩක් කලබල වුනා. ආපහු ඒ වැඩකාර මනුස්සයයා හැරිලා යන්න හැදුවේ.

ක..කවුද මේ?

සර්.. මේ room එකෙන්  කෑගහන සද්දයක් ආවා. පහලටම ඇහුනා. ඒකයි ආවේ.. සමාවෙන්න. තව customers ලා මෙහේ ඉන්නවා. එයාලත් බයවෙලා.

අහ්හ්.. ඒ මම.. මේ.. කැරපොත්තෙක් මේ කාමරේ හිටියා. මම කැරපොත්තන්ට ගොඩක් බයයි.. ඒකයි ඒ..

මෙහෙ කැරපොත්තෝ නෑනේ සර්. මේ motel එක ගොඩක් පිරිසිදුව තියනවා.

අහ්..ඒත් හිටියනේ එකෙක්. මේ ඒක නෙමේ මට පොඩි උදව්වක් කරනවද?

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now