Yuji's Story 12

146 40 25
                                    

එදා Taka මට කොච්චර දරුණු විදියට සැලකුවත් මම එයාව පාවල දුන් නෑ. ඒ මොකද මම තාමත් එයාට පණවගේ ආදරෙයි.මම දවස ගානේ ඒ දේවල් මතක් කර කර ඇඩුවත් හැමදාම. කාටවත් මම මගේ දුක පෙන්නන්න ගියේ නෑ. ඒක කාටවත් දැනුනෙත් නෑ.ඒත් එක්කෙනෙක්ට හැර. ඒ Nakamura. එයාට මම එදා බොරු කිව්වත් අන්තිමේදී එයා මගේ කටින්ම දැනගත්තා ඇත්ත.

මම වෙනදා වගේම සකුරා ගහ යට ඉදගෙන හිටියේ නෝට් වගයක් බලනගමන්.

Yujii...

ඕහ්..

මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි.

Nakamura මම ලග ඉදගන්න ගමන් කිව්වා.

අහ්ම්.. කියන්න Naka..

මට ඇත්තම දැනගන්න ඕනි.. එදා මොකක්ද උනේ?

කවද්ද?

ඔයයි Taka restaurant එකේ හම්බුන දවසේ?

අහ්... විශේශ දෙයක් නෑ..

Naka එකපාරම මගේ මූණ උස්සලා ඇස් දෙක දිහා බැලුවා.

මට ඇත්ත කියනවද නැද්ද? නැත්තන් මම Taka ගෙන් ගිහින් අහන්නද?

මම ඒකට.මුකුත් නොකියා අඩන්න ගත්තා.

අහ්හ්.. Yujii.. සොරී..හරි හරි ඕන් නෑ..

නෑ Naka.. මට කාටවත් කියන්න පුලුවන් දේවල් නෙමේ උනේ. හැමෝටම මාව වදයක් විකාරයක් පිස්සෙක්. ඔයාට මගේ දේවල් කිව්වොත් ඔයත් මා එක්ක ඉන්න එකක් නෑ. මාව සදහටම කොන් කරයි.

හ්ම්ම්... ඔයා Taka ට ආදරෙයි නේද?

Naka එකපාරම අහපු ඒ ප්‍රශ්නෙට මගේ ඇග සීතල උනා.

ඔ..ඔ..ඔයා කොහොමද දන්නේ??

මට ඒක තේරුනා. ඉස්සර ඉදන්ම මට ඒක තේරුනා.

අනේ.. Naka ඔ..ඔයාහ් මම ගැන වැරදි විදියට හිතන්න එපා. අනේ plzz...ම..මම.. gay.....

ඔය ඇති.. මට මුකුත්ම කියන්න ඕන් නෑ ඒ ගැන. මම ඔයාව කොන්කරන්නෙවත් දාලාවත් යන් නෑ. මාව විස්වාස කරන්න. මම ඔයාගේ  ඕනම දේකට ඉන්න හොදම යාලුවා කියලා හිතන්න. ඔයා කැමති නන් විතරක් ඔයාගේ හැමදේම මා එක්ක කියලා දුක තුනී කරගන්න.

එයා මම එක්ක හිනා උනා.

හරි.. මම කියන්නම් ඔක්කොම. හැබැයි එක කොන්දේසියක් පිට.

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now