Yuji's Story 17

137 37 25
                                    

මට සිහිය එනකොට මම හිටියේ තණකොල ගොල්ලක. උඩබැලි අතට හැරිලා.මම තාමත් හිටියේ මත්වෙලා. ඊයේ රෑ මට inject කරපු drug එකට. මගේ මුලු ඇගම වෙව්ලනවා. මම හිටියේ ගොඩක් වතුර තිබහින්.උගුරකට හොදට ම වේලිලා ගිහින්. මට එක පාරම වමනේ ගියා. ලේ.. ගොඩක් ලේ ගියා. මොකද මගේ කට ගොඩක් තුවාල වෙලා තිබුනා. උගුර සම්පුර්ණයෙන්ම තුවාල වෙලා තිබුනේ. එයාලා හැමදාම මගේ කටේ mouth plug අරව මේවා දාලා කට සම්පුර්ණයෙන්ම විකෘතිකරලා තිබ්බේ. ඒ විතරක් නෙමේ මගේ මුලු ඇගම රිදෙන්න ගත්තා. හතරදෙනෙක් අතින් දවස් තුනක් එක දිගට මාව දූශනේ උනා. ඒක මතක් වෙනකොට මම මානසිකව විදෙව්වා.

මාව බේරගන්න.. අහ්ම්ම්...

මම කෙදිරිගෑවා. මට ලාවට වාහන සද්ද ඇහෙන්න ගත්තා. මට තේරුනා මම ඉන්නෙ පාරක් අයිනේ කියලා. මම හෙමින් ඔලුව උස්සලා බැලුවා. එතන තිබ්බ ගහක් අල්ලගෙන හෙමින් බිම ඉදගත්තා.මම බිමදිගේම ගිහින් පාර අයිනෙ ඉදන් උදව් ඉල්ලන්න අත දිග්කරා. මුලින් ගිය වාහන නතර නොකලත් එක වාහනයක් නතර කලා.

අනේ.. මට උදව් කරන්න...

ඒ වාහනේ හිටියේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. ඒ දෙන්නම ඉක්මනට බැහැලා ආවා.

මොකක්ද පුතා උනේ??

ව..තුර..

අහ්.. ඉන්න.

මම වතුර  බෝතලේම ඉවර කලා.

මෙයාට අමාරුයි වගේ. ඉක්මනින් ambulance එහෙකට කතා කරමු.

ඒ පිරිමි කෙනා ඉක්මනින් call එකක් ගත්තා.

අහ් හරි ඉක්මනින්..

දැන් එයි පුතා.. බය වෙන්න එපා.

විනාඩියක් යන්න කලින් ambulance එක ආවා. මාව අරගෙන hospital එකට ගියා. මම පණ නැතුව හාන්සිවෙලා ඉදියේ.
Doctorලා ඇවිල්ලා මාව check කලා.

මේ patient ට අසාධ්‍යයි වගේ. ගොඩක් ලේ පිටවෙලා තියනවා.

මම බාගෙට ඇස් ඇරගෙන හිටියේ අවසිහියෙන් වගේ. ඒත් ටික වෙලාවකින් මට එහෙමම ඇස් පිය වෙලාම ගියා.







_*මාස හයකට පසු*_

ඇයි මොකද ඇයි මොකද තමුසෙලා... මාව මොකෙක් වගේද පේන්නේ.. ඇයි මට මෙහෙම වදදෙන්නේ? ඔව් මම සමලිංගිකයෙක් තමයි..මට හිත යන්නේ කොල්ලන්ට විතරයි තමා. තමුසෙලට මොකක්ද තියන අමාරුව??  මම සමලිංගික උනා කියලා ඔහේලගේ කරේ එල්ලෙන්න එන්නේ නෑනේ.. බයවෙන්න එපා මම බලෙන් ඔයාලා එක්ක sex කරන්න එන් නෑ.. ඒ නිසා කරුනාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඉහිහ්... මම තමුසෙලට හැමෝටම වෛර කරනවා.. ඉහිහ්... මට මගේ පාඩුවේ  ඉන්න දෙන්න. මට මැරෙන්න කියලද කියන්නේ??? මම හිතලා කා එක්කවත් ඒ දේවල් කලේ නෑ... ඇයි මට බොරු චෝදනා කරන්නේ? මාව දහපාරකට වඩා දූශනෙ උනා. ඒක මෙච්චර කියලත් ඇයි මම ගැන බොරු කතා හදලා පතුරන්නේ. මේ එක දේකටවත් මම කැමැත්තෙන් නෙමේ උනේ... ඉහි ඉහි...
ඇයි මට නරක කෙනෙක්ට විදියට සලකන්නේ?

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now