Yuji's Story 11

134 37 18
                                    

අහ්ම්ම්..ආහ්හ්.. හාහ්හ්...Takaaa හ්හ්... ඔ..යාහ්... කෝ??කොහෙද? ම්ම්ම්හ්හ්...

මම හෙමින් ලාවට ඇස් ඇරියා. මට දකින්න හම්බුනේ හිස් අහස. මම තාමත් එතන. තාමත් මහපාරේ වැටිලා ඉන්න තැනමයි. වැස්ස පායාලා තිබ්බා. ඒත් පොඩි හීන් හිරිකඩ වැටුනා. පාරේ කිසිම සද්දයක් නෑ. ඒ පාර ගොඩක් වෙලාවට හුදකලායි.මහ වැස්ස නිසා කොහොමත් හුදකලායි. මම හෙමින් අමාරුවෙන් ඔලුව උස්සලා නැගිටින්න හැදුවා. ඒත් එක්කම මට මගේ බඩ හරියෙන් එකපාරම ලොකුවේදනාවක් ආවේ මුලු ඇගම ගැහෙන්න.

ආහ්හ්හ්හ්හ්.... අහ්හ්....අනේ...ආහ්හ්හ්..

මම බඩ අත්දෙකෙන්ම අල්ලගෙන දෙපැත්තට පෙරලුනේ ලොකු අපහසුතාවයකින්. මට වමනේ යන්නත් වගේ. මම සැරෙන් සැරේ උගුරට ආවා. මම එහෙමම ආයි බිම දිගා වෙලා ඉදපු විදියටම අහස දිහා බලලා අඩන්න ගත්තා. පුලුවන් තරන් හයියෙන් කෑගහුවා.මම් විනාඩි විස්සක් එහෙම අඩන්න ඇති. ඒත් උනේ මට ඒකේනුත් තිබ්බට වඩා වේදනාවක් ආපු එක. මට හොදටම සීතලයි. බඩගිනියි. වතුරවත් නෑ. හෙමීට අත උස්සලා ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව රෑ 11:15 යි.

ඒ...කියන්නේ... ම..ම.. පැය පහක...ටත් වඩා... මෙතන....සිහිය නැතුව ඉදලාහ්හ්.... ආආආහ්හ්හ්...

මම හති ඇරඇර අමාරුවෙන් මටම කියාගත්තා.

අනේහ්.. උ..දව් කරන්න..හාහ්හ්හ්... මට... ගො..ඩක් අමාරුයි....

මට ඒ වෙනකොටත් අඩන්න කදුලු ඉතුරුවෙලා නෑ.මට හැම්දාම ඉතින් එහෙමනේ. මම හිතාගත්තා   අමාරුවෙන් හරි නැගිටින්න.මම බඩ තද කරල අල්ලගෙන අමාරුවෙන් ටිකක් කොන්ද උස්සගෙන එතන තිබ්බ බංකුවේ හේත්තු උනා. ඒ එක්කම මට වමනේ ගියා.

ලේ...? ලේත් එක්කම වමනේ ගියා. මට ආයි කැරකිල්ල වගේ ආවා.ඒ එක්කම මගේ කලිසම් සාක්කුවේ තිබ්බ පෝන් එකට ring වෙන්න ගත්තා.මම බඩ අල්ලගෙනම පෝන් එක අතට ගත්තා.ඒත් ඒ කෝල් එක කට් උනා.

Missed call 21යි.
Messages 35යි.

Na..හ්..Naka...Naka ගෙන්..

ආයෙමත් පෝන් එක ring වෙන්න ගත්තා.මම ඉක්මනින් ආන්සර් කලා.

Yuji... ඔයා කොහෙද? ගෙදර ගියාද පරිස්සමෙන්. ඇයි phone එක answer කලේනැත්තේ?? Yujii... hello... Yujiii....

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now