Yuji's Story 10

144 39 25
                                    

කනේ earphone එකත් ගහගෙන මම සිංදුවක්  මුමුන මුමුන ඇවිදගෙන ගියේ University එකේ ප්‍රධාන ගේට්ටුව දිහාවටයි.

Yujiii....

මට ලාවට මගේ නම ඇහුනා.ඒත් එක්කම මම පිටිපස්සේ හැරුනේ earphone එක කනෙන් ගලෝනගමන්.

ආහ්.. Naka  නේ මේ...මොකද මේ හති..?

හති?? හම්මෝ.. කොච්චර මම තමුසෙට කෑගහ ගහ පස්සෙම් දිව්වද?

අම්මටසිරි එහෙමද? සොරී බන්...මම සිංදුවක් අහඅහ ආවේ? Taka ඇවිල්ලද දන් නෑ.

අද එයා එන් නෑ කිව්වා.

අහ්හ්.. මොකක්.. ඇයි ඒ???

බලාපොරොත්තු සුං වුන මූනෙන් මම Naka දිහා බැලුවා. ඇත්තටම මම අද මම අද ආවේ ලොකුම ලොකු බලාපොරොත්තුවකින් සහා ලොකු අරමුණකින්. ඒ මොකක්ද ? මම ඊයේ රෑ කල්පනා කලා. ගොඩක් වෙලා කල්පනා කලා. හොදට හිතුවා. ඒ මොකක් නිසාවත් නෙමේ. මගේ හිතේ තියන දේ Taka ට කියන්න. ඒ කිව්වේ එයාට මගේ හිතේ තියන ආදරේ ගැන කියන්න. ඔව්.. මෙච්චර කාලයක්. අවුරුද්දකටත් වඩා මගේ හිතේ තිබ්බ ඒ ආදරේ Taka ට කියන්න මට ඕනි උනා. කොච්චර මට ඒක එයාට කියන්න ඕනි උනත්. මට එච්චර ලොකු ශක්තියක් තිබ්බෙ නෑ. හිතේ හයියක් තිබ්බේ නෑ. මොන දේ උනත් අද මම හිතේ හිරකරගෙන තිබ්බ ආදරේ ගැන එයාට කියනවා.

Yujii...ඒයී... Yujii..

අහ්ම්ම්.. කියන්න..

මම මේ කිව්වෙ, එයාට ඉතින් දැන් වගකීම් ගොඩගැහිලනේ.කොල්ලා මේ දවස් වල පොඩ්ඩක් stress එකේ ඉන්නෙත්.

අනේ... එයාට අසනීපයක් එහෙම නෑනේ??

නෑ නෑ එයාට නන් ඉහෙන් බහින රෝගයක් නෑ..

එහෙනම් කමක් නෑ..

ආ ඒක නෙමෙයි. Taka මට ඊයේ පනිවිඩයක් කියන්න කිව්වා ඔයාට.

මොකක්ද?

මම ආයෙමත් සතුටු මූනෙන් ඇහුවා.

එයා කිව්වා මම හෙට එන් නැ. Yujii හෙට University ආවොත් මේ පනිවිඩේ කියන්න කිව්වා. අද හවස 5.30ට Osaka වල Yakumido Sushi අවංහලට ඔයාට එන්න කියන්න කිව්වා.

ඒ මොකටද?

මම පුදුමෙන් ඇහුවා.

ඒක නන් දන් නෑ. මට ඔච්චර තමා කිව්වෙ.

Who Am I | YUJI'S STORY |Where stories live. Discover now