Yuji's Story 09

138 37 28
                                    

පහුවදා උදේ මගේ ඔලුවේ බැන්ඩේච් ගලවන දවස උනා. මමයි අම්මයි මල්ලියි උදේම හොස්පිටල් එකට ගිහින් Doctor හම්බුනා.

දැන් මගේ පුතාට සනීපයි නේද හොදටම. බය වෙන්න ඕනි නෑනේ Doctor...

නෑ නෑ දැන් බය වෙන්න එපා. Yuji පුතාට හොද ට සනීපයි.

එහෙනම් Doctor දැන් පුතාව University යැව්වට කමක් නැහැද?

කමක් නෑ කමක් නෑ...ඒත් පුතාට හොදට ම සනීපයි කියල පරිස්සම් නොවී ඉන්න හොද නෑ..!!

ඒ කිව්වේ Doctor ?

මෙහෙම යි.. මේ හානිය වෙලා තියෙන්නේ ඔලුවේ පිටිපස. එදා ඉක්මනින් hospital එකට ගෙනාව නිසා yuji ට ලොකු කරදරයක් උන් නෑ. ඒත් මේක ලේසියට හිතන්න එපා. පුතාට ඉස්සරට වඩා ඔයා ගැන ඔයාට ම හිතන්න වෙයි. ඕනෑවට වඩා ඕනම දෙයක් ගැන හිතන්න එපා. කල්පනා කරන්න එපා. ඔලුව ගොඩක් වෙහෙසෙන්න එපා. ඒ වගේම.... අයෙමත් මේ වගේ ගස් වල ඔලුව ගහගන්න එපා..

කියලා ඩොක්ටර් හිනා වුනා...

හරි doctor... අපිට තේරුනා.. Thank you Doctor... අපි එහෙනම් යන්නම්...

හරි All the best පුතා එහෙනම්...

අපි Hospital එකේ ඉදන් Osaka නගරෙට ආවේ අම්මට තව ගෙදරට බඩු වගයක් ගන්නත් එක්ක. අපි පැයකට විතර පස්සේ ගේ ලගට ආවා. අපි ගෙදරට එන පාරේ එනකොටම වගේ දැක්කේ අමුත්තෙක් අපේ ගෙදර දොරලග හිටගෙන ඉන්නවා.

අයියේ... ඒ Taka  අයියා නේද??

ආහ්හ්.. ඔව්ව්..එයා මාව බලන්න ඇවිල්ලා..

මම කොච්චර සතුටු උනාද කිව්වොත් මට අම්මා  ඉන්නවා කියක අමතක වෙලා මම Taka ලගට දුවන්න ගත්තා.

Yujiii.... දුවන්න එපා ලමයෝඕ...

මට ඒක ඇහුනත් නොඇහුන ගානට දිව්වා.

Takaa... ඔයා...

අනේ... Yujii.... ඔයා..

කියලා අපි දෙන්නම එකට බදාගත්තා.

ඔයා.. ඔයා.. මාව බලන්න එහෙනම් ආවා...

අනේ... මට සමාවෙන්න yujii.. මට ඔයාව අමතක උන් නෑ.. මම අද ආවෙත් එන්න පුලුවන් කමකට නෙමේ... ඔයාට කොහොමද දැන්??

මම හොදින් Taka... එන්න අපි ඇතුලට යමු..

මම Taka ගේ අතින් අල්ලගෙනම ඇතුලට ගියා.

Who Am I | YUJI'S STORY |Dove le storie prendono vita. Scoprilo ora