01 කොටස

641 55 243
                                    

" ලා හිරු රැස් වැටී හිනැහෙන මේ හිමිදිරි උදෑසන පතන්නම් ඔබට සුභම සුභ උදෑසනක් කියා "

මුගෙ ආච්චිට සම්බා ගරන්න පටන්ගත්තෙම බොරුවෙන්. මොන හිරු රැසක්ද යකෝ චුරු චුරු ගගා වහිද්දි. මුගෙ ඔළුව කොහේ හරි වැදිලද. මෝඩ පකා

" ගරුතර මහා සංඝරත්නයෙන් ද විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ගෙන්ද අවසරයි. "

අනේහ් මුගෙ අවසරේ මන් දන්නැද්ද . දැන් මුන් අවසර දුන්නෑ කියලා මූ කතාව කරන්නැතුව ඉන්නද නෑනෙ නෑනෙ. අනිත් එක මම් අහන්නෙ ඇයි මේ බොරුවඅ. මෙතන ඇති සංඝරත්නෙකුත් නෑහ් විදුහල්පතිකෙනෙකුත් නෑහ්.

" එදිනෙදා ජීවිතේදි අපිට එකේක විදිහෙ අභියෝග වලට මුහුනදෙන්න සිද්ධවෙනවා. ඒ වගේම විවිධ බාධකත් එනවා. ඉතින් ඒ බාධක මැඩගෙන ඉදිරියටම යන එක තමා අපි කරන්නෝනි. ඉතින් අද මගේ මාතෘකාව මේ ගැන

අභියෝග ජයගෙන ඉදිරියටම යාම

මොනවද මේ අභියෝග කියන්නෙ !? ..."

ඔවොව් පුතේ. උඹ එක්ක ජීවත්වෙන එකම අභියෝගයක් තමා මම්ට.

මොකක්ද වෙන්නෙ කියලා බලනවද ? ඔවොව් ඔයාලා හරි. මෝර්නින් එසෙම්බ්ලි එකක් තමා. සතියට දවසක් ඒ කියන්නෙ රජයෙන් පිනට දෙන නිවාඩුවක් හරි පෝයක් හරි ගංවතුරක් හරි ආවෙ නැතොත් හැම අඟහරුවාදම මෙහෙම එකක් අපේ ඉස්කෝලෙ හැම සෙක්ෂන් එකකම තියනවා.

අපි ඉන්නෙ දහය එකොළහ සෙක්ෂන් එකේ. දහයෙ ක්ලාසස් හයයි එකොළහෙ ක්ලාසස් හයයි.

ක්ලාසස් දොළහ සතිය ගානෙ මාරුවෙන් මාරුවට එසෙම්බ්ලි එක කරන්නෝනි. පැය එකහමාරක් විතර මේක ඇදෙනවා සාමාන්‍යයෙන්. දක්ෂතා ඔප්නැංවීම වෙනුවෙන්ලුනෙ කරම්නෙ. රෙද්ද තමා.

එතකොට අද ඇවිල්ලා ඩී එකේ දවස. මම් ඉන්නෙ සී එකේ.

අපි ඇවිල්ලා ඉම්ස්කෝලෙ ඉන්න ලොකු අයියලා ටික. හැබැයි මෙහෙමයි ඒක එහෙමම වෙන්නනම් ඒලෙවල් කරන උන් ටික සහරාන්ගෙ බෝම්⁣⁣බෙකට අහුවෙලා මැරෙන්නෝනි.

ඔවොව් එකොළහෙ තමාආ. එකොළහ කියම්නෙ දාහතක්. දහඅටක් වෙන්න තව එකයිහ්. ලොකුයි හරිතඅ. ගැම්මක් තමා ඉතිම්ම්

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now