12 කොටස

206 27 16
                                    

" බලු ධානෙ ඉවරනම් දවල් මොකද්ද උනේ කියලා කිව්වනම් හොඳයි නේද පුතා. "

" ආආහ් මොකක් ගැනද ඔයා අහන්නෙ මමා "

මන් බබා වගේ අහද්දි අපෙ මමා සෝෆා එකෙන් වාඩිවෙලා එහාපැත්තෙන් අත තියලා මටත් එතනට කතාකරා. අද ඉවරයිහ් මිහින්ස පුතේ. ඇත්තටම අපෙ මමාට බොරුවක් කියලා අන්දනවා කියන එකත් අර කරන්න බැරි වැඩ ලිස්ට් එකේ උඩටම දාගන්නෝනි එකක්. මට අවුරුදු ගානක අත්දැකීම් තියේ මමාට බොරු කීම සහ ඒවා අසාර්ථකවීම ගැන. කලාතුරකින් එකක් දෙකක් තමා සාර්ථක වෙලා තියෙන්නෙ. හනේඒඒහ් මන්දා එක්කො මමාට බොරු කියන්න මට තේරෙන්නෑහ්. නැත්තම් මමා මන් ගැන දන්නවා වැඩියි. ඒ උනාට මම් හිතුවා මේ පාරහරි සාර්ථක වෙයි කියලා.

අපෙ මමා මන්දිහාම බලන් හිටිය නිසා මම් ගිහින් එයාගෙ එහාපැත්තෙම් වාඩිඋනා. සැම්ක් හනේඒහ් බල්ලො සාපකරාත දම්නෑහ් බැදුමෙන් හාල්මැස්සෙක් හොයාගන්න බැරි උනා කියලා. තිරිසන්නුහ්

" මොකද්ද උනේ ? "

" මොකුත් නෑහ් හනේඒඒහ් "

මමා අහද්දි මම් මොකුත් නෑ කියලා එයාට තුරුලු උනාම එයා මගෙ ඔළුව අතගාන්න ගත්තා. මමා ඔළුව අතගානකොට සනීපයි.

" නැතිවෙන්න බෑ හැබැයි "

දෙයියනේහ් කටක් ඇරලා කියන්නෙ කොහොමද ලිතිරුවා තරහඋනු නිසා ඇ⁣ඬුවෙ කියලා. සැම්ක් හනේඒඒහ්. ලැජ්ජාව බාල්දියෙම් එකයිනෙ.

හැබැයි මෙහෙමයි ඉස්සර මන් සෑහෙන්න අඬලා තියේ අපෙ මමා ඉස්සරහා ලිතිරුවා කතාකරඤ්ඤෑහ් තරහාවෙලා කියලා. එව්ව්ව්

ඒ ඉතිම් පොඩිකාලෙනෙ. ඒ දාස්වල ඌයි මායි තරහඋනාම ඌත් අඬනවා මාත් අඬනවා. අපෙ මමා තමා සියලු අමනාපකම් දුරුකරලා ගැටලු විසඳලා යාළුකරවලා දෙම්නෙහ්. ඒ උනාට දැම් කාලෙ වෙනස්නෙ. දැම් මන් ලොකු ළමෙක් විදිහට ලිතිරුවා තරහඋනා කියලා අඬන එක මගෙ පිරිමි පෞරුෂයට සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්!

" දෙන්නා රණ්ඩු උනාද ? "

" ආආආආහ් "

මම් ඉද්ද ගැහුවා ⁣වගේ කෙලිම් උනේ අපෙ මමා එකපාරම අහපු දේ හින්දා. මෙයාට හිත් කියවන්නත් පුළුවන් ද දෙයියනේහ්. මට බෑහ්නෙ ඉතිම්. හිත් කියවන්න පුළුවන් ජානෙ ඇවිල්ලා නැද්ද දන්නෑහ් දෙයියනේ දෙයියනේහ් මේවා සහගහන අපරාධ.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now