08 කොටස

224 31 86
                                    

" මොකත රවන්නෙ "

" ඕනි නිසා "

ලිතිරු පගා කාර් එකට නැග්ග වෙලේ ඉඳම් රවනවා රැවිල්ලක් අම්මටසිරි වෙන්න. යකෝ මම් මොනා කරාටත ? ආනන්ද අම්කලුත් බලනවා ඇති මුන් දෙන්නට අද මොනා වෙලාද කියලා. ඇයි වෙනදට නැග්ග වෙලේ ඉඳම් ලිතිරුවා බැහැලා යනකම්ම අන්කල්ටත් කනක් ඇහිලා ඉන්න නෑනෙහ්.

අන්කල් දවසක් මාත් එක්ක කිව්වා අන්කල්ගෙ කනේ පොඩි කේස් එකක් තියෙයිලු. ඒ නිම්සා ඇහෙනවා පොඩ්ඩක් මදිලු. මම් ඒක ලිතිරුවා එක්ක කිව්වම ඌ කියනවා අතදරුවා කාලෙ ඉදම් මම් කියනේවා අහන් ඉඳලා වෙන්නැතිලු. ඌ දන්න පකක් නෑහ්.

එතකොට දැන් මට තියෙන ⁣දැවෙන ප්‍රශ්නෙ ලිතිරු පුතාට ඇයි මලපැනලා තියෙන්නේ කියනෙක! මූ බැරිවෙලාවත් සෙනීට කැමතිද දන්නෑහ්. මාත් ඒකිට කැමතිවෙයි කියලා කොල්ලා බයවෙලාත මන්දා දෙයියනේහ්. මම් ආස නෑහ්නෙ ⁣ඉතිම්. තේරෙන්නෑනෙ මේහ් පගාට

" සෙනීහ් නම්ගි උඹට කැමති නෑහ් කියලා මම් පළිත ඉතිම් "

" අනේඒහ් උඹයි උඹෙ සෙනීයි. කටවහන් හිටපන් මිහින්ස! "

සුදාත්තිට ඇයි මේඒහ් කේන්ති ගිහිම්. මූ සාමාන්‍යයෙන් මට නම කියලා කතා කරනවා අඩුයි. එහෙම කිව්වම මට නිකම් පිට එකෙක් වගේ දැනෙනවා. හරි හරි නෑකමක් නෑහ් තමා. ඒ උනාට අපි දෙම්නා ආත්මෙන් බැඳිලනෙ ඉම්නෙ හුහ්. එතකොට මෙහෙම කියනෙක වැරදියි. අනිත් එක මම් සම්වේදී හින්දා ඉක්මනට දුක හිම්තෙනවා.

මන් ඌත් එක්ක ආයි කතාකරන්නෑහ් කියලා හිතාගෙන සීට් එකට හේත්තු උනේ ඇස් දෙකත් පියාගන්න ගමන්. කොහෙවත් යන ගෑනියෙක් හින්දා අපි මොකටද දැම් මේහ් රණ්ඩු වෙන්නෙ ? කවුත දන්නෙහ් ? එක්කො මූට පිස්සු නැත්තම් මට පිස්සු. නෑහ් අපි දෙන්නටම පිස්සු. ඇයි හුම්ත! 

මන් ඌටයි උගෙ ගෑනු ටිකටයි සෙනීටයි හිතිම් බැන බැන ඉද්දි මට තේරුනා නිදි දෙව්දුව මාව හොයන් එනවා කියලා. ඉතිම් මම් එයාව ආදරයෙන් වැලඳගත්තා.

" පොඩි බේබි නැගිටින්න අපි ඇවිල්ලා ඉන්නෙ "

ආනන්ද අන්කල්ගෙ කටහඬ ඇහෙද්දි මන් ඇස් ඇරලා එකපාරටම එළියක් වැටුනු නිසා ආයෙමත් ඇස් පොඩිකරේ නිදිමතේමයි.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now