03 කොටස

277 45 108
                                    

" හේයි මිහීඊඊ, ලිතූ ආවෙ නැද්ද ? "

" ආආහ් මොකක්හරි ඇහුවද "

මන් හද හද හිටපු ගානත් නවත්තලා උඩ බැලුවෙ කන ගාවින් කූඌඌන් ගාන මදුරුවගෙ ගෑනු සතා කවුද බලම්න. පොඩ්ඩක් ඉම්න. මදුරුවගෙ ගෑනි කවුත සිරාවටම. මදුරු ධේනුවද මැදිරිද මැදිරිච්චිද වටෙවර්!! මදුරුවගෙ ගෑනි මොකී උනාම මට මොකද

මේ ඉන්නෙ ලිතිරුවගෙ ගෑනි. ගෑනි කියනවට වඩා ගෑනියෙක් කිව්වනම් තමා හරිහ්.

" ලිතූ අනේඒ කෝ එයා. මගෙ මැසේජස් වලට රිප්ලයි කරන්නෙත් නෑහ්. මොකද්ද වෙලා තියෙන්නෙ එයාට ? "

ඌට ඉතින් කී දෙනෙක්ට කියලා රිප්ලයි කරන්නද කියලත් කියන්න හිතිලා ආයි මොකටද කෙල්ල⁣න්ගෙ හිත් රිද්දන්නෙ කියලා හිතලා කට වහගත්තා.

" මොකුත් වෙලා නෑහ් හැබැයි. ඌ ඔය යස අගේට ඉන්නෙ "

මන් එහෙම කියලා දාලා ආයි ගාන හදන්න තමා හැදුවෙ. ඒත් ලිතිරුවගෙ මැදිරි ආයි කූන් ගාන්න ගත්තා.

" එහෙම නෙමෙයි අනේඒ. එයා කලින් වගේ නෙමෙයි. හී ඩස්න්ට් කෙයාර් අබවුට් මී. එයාට වෙන කවුරුහරි ඉන්නවද මිහී. ඉන්නවනම් ප්ලීස් මට කියන්න. මට බොරුවට හෝප්ස් තියාගන්න ඕන්නෑහ් "

එකක් කියලා ඉන්නවනම් බැරියෙ බන් ඉතිම්. මේ පගාගෙ වැඩ හින්දා හැමදාම අන්තිමට කෙල්ලන්ට උත්තර සපයන්න වෙන්නෙ මට. හොඳක් වෙන්නෙපා ඕකටඅ.

" එහෙම එකක් නෑහ් බන්. උඹට හිතෙන හැටි වෙන්නැති. "

"ඔයා නෑ කිව්වට මට ⁣තේරිලා තියෙන්නේ මිහී. එයා දැන් වෙනස් වෙලා. කලින් වගේ නෙමෙයි "

අනේඒඒහ් ගෑනියෙ පව් නොදී පලයන්කො. දැන් භන්සයා ආවම ගණන් ටික හදලා නෑ කියලා අනිවා කන්න වෙනවා අර වේවැලෙන්.

ලිතිරුවගෙ වෙලාවට උගෙ තාත්තගෙ කවුද නැතිවෙලාලු. ඒ නිසා මලගෙදර යන්නෝනි කියලා ඌ ගියා. නැත්තම් අපි දෙම්නට එකටම වේවැල් පාර කන්න තිබ්බා. සුදාත්තිහ් අයි මිස් යූහ්හ්

වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙහැම ඉපල් මගේ දෑතට නොපෑයුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතූ

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now