~සිව්වන පින්න~

764 140 17
                                    

ආදිත්‍ය pov ,

මට ඉතින් වැඩි වෙලාවක් පංතියේ සිරි නරඹන්න බැරි උනේ , පංතියට සර් කෙනෙක් ආව නිසා.......

සර් ආව ගමන් අපි හැමෝම නැගිට්ටා.

ආයුබෝවන් කියපු සර්, අපිට වාඩි වෙන්න කියලා මුලු පංතිය පුරාම ඇස් යැව්වා........

ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා ඉවෙන් වගේ මට තේරුනා. ඔව් ඔව් පොල් පැලේට තමා හැරිලා තියෙන්නේ. ඒකනේ සර් කාරයා මං දිහා බලලා මට නැගිටින්න කිව්වේ.

" ඔය ළමයා වෙන්නැති අලුතෙන් ආව කෙනා.?"

මගෙ දිහා ඇහි බැමක් උස්සන් බලපු සර් ඇහුවේ මං ඔව් කියන්න ඔලුව වනද්දි.....

" නම මොකද්ද එතකොට? "

" ආදිත්‍ය....... ආදිත්‍ය නිකේශල බණ්ඩාර......."

"හ්ම්ම්...... ඉදගන්න....."

මට ඉදගන්න කිව්ව සර් ඊලගට කියපු දේ එක්ක මගෙ කට කොනේ ලා හිනාවක් ඇදිලා ඉක්මනින්ම මැකිලා ගියා......

" කොල්ලා වැඩි කතා බහක් නෑ වගේ.....? "

මොනා උනත් සර් කියපු කතාව ඇත්ත...... ඉස්සරහාට බලමුකෝ අපි......

හැබැයි මං ආයෙම ඔලුව ඉස්සුවේ අර පොඩි පගයාගේ වාචාල කට නිසා......

" ආන්න සර්ට තේරුනා........ මූ ඉන්නවා නේද සර්...... ගෝනි බිල්ලෝ පරාදයි. බස්සා වගේ හූම්ම්ම් හූම්ම්  ගාන්න විතරයි දන්නේ. උවමනා දේට විතරයි කට අරින්නේ. නැත්තං ජනාධිපති කිව්වාත් මේකා නෙවෙයි මීක් ගාන්නේ. හැබැයි සර්ට කියන්න සර්...... මූ වලි පප්පා. හොස්ස ලගින් මැස්සා යන්න බෑ. වචනේ මිස් උන ගමන් යකා උඩට එනවා. හීබිජ්ජා වගේ හිටියාට මේකා අමු ඇම්ඩා සර්......"

මුගෙ වාචාල කට වැහෙනකල් මං හිටියේ ඔලුවට අත ගහගෙන. ඉවරයිනේ නම්බුව.... ඌ කිව්වේ ඇත්ත උනත් , යකෝ ඔහොම කියනවාද......

මං ආයෙත් ඔලුව ඉස්සුවේ සර් කතා කරපු නිසා......

" ඈ බං දිලුම්...... උබ කොහොමද කොල්ලෝ මූ ගැන ඔච්චර දන්නේ?"

" මූ අපේ ලොකු අම්මාගේ පුතානේ......."

" අහ් ඒක මිසක්..... හැබැයි ආදි කොල්ලෝ..... උබ වැටිලා තියෙන්නේ ගැලපෙනම පංතියට. මේකේ ඉන්න උනුත් වලි පප්පලා. වලි කොතනද මුන් එතන..... හ්ම්ම් හ්ම්ම්ම්....... බලමුකෝ බලමුකෝ....... "

~ පිනිපොද ~Where stories live. Discover now