~දහඅටවන පින්න~

639 123 23
                                    

ආදිත්‍ය pov,

හැලප කියන්නේ මං කන්න ආසම කෑමක්.......

ඉස්සර අම්මා හැලප හදනකොට මට වෙනම අරන් තියනවා..... මමනේ වැඩි පුරම කන්නෙ.......

කොහොම හරි කයිවාරු ගහා ගහා කාලා අද අපි පිසික්ස් පේපර් එකක් කරන්න ගත්තා......

අපි පස්දෙනාම පිසික්ස් නේ කරන්නේ.........

හේශව් උනත් මා එක්ක කියපු විදියටම කිසි වෙනසක් නැතුව කතා කරා.........


අටයි හතලිස් පහට විතර ආව කෝල් එකක් හින්දා ගගන නැගිටලා ගියා.........

අද පොරගේ මූඩ් එක හොද නෑ........ ආව වෙලාවේ ඉදන් මට තේරුනා.....

" හේශව්......... ඇයි අයියා ගියේ..... අද එයාගේ මූඩ් එකත් අවුල්....... ආව වෙලේ ඉදන් මං නෝටි කරන් හිටියේ......... පොරට මොකක් හරි අවුලක්ද......?"

මං ශේප් එකේ හේශව් ගෙන් ඇහුවා.......

අනික් අයත් මං කිව්ව දේ හරි කියන්න වගේ ඔලුවත් වැනුවා....

ඒ කියන්නේ උන්ටත් තේරිලා.....

වෙනදා පොර විහිලු කරලා ආතල් එකේ ඉන්නවානේ........

" මන්දා ලොකූ...... අද මං ඉස්කෝලේ ඇරලා එද්දිත් අයියා ගෙදර හිටියේ නෑ..... හවස ආවේ එයා..... ඒ එනකොටත් ඔය මූන ඔය වගේ තමා...... ඇහුවාට කිව්වේ නෑ..... මොකක් හරි අවුලකින් ඉන්නේ එයා....... එයාම කියනකල් ඉන්න වෙනවා..... නැත්තං අයියාගේ යාලුවෙක්ගෙන් තමා අහන්න වෙන්නේ....... "

අනේ මන්දා...... පොර හොද එකා.... අරකි බූට් එකක් වත් තිබ්බාද දන්නෑ...... කියන්න බෑනේ.....

ඕකි බාලිකා එකේ ඉන්නේ......

අපේ නංගිගේ පන්‍තියේමද මන්දා....

" නිර්වාන් අයියාගෙන් අහලා බලපන් අනුහසා..... ඌ දන්නවා ඇති අනිවාර්යයෙන්ම. අයියාගේ හොදම යාලුවානේ....."

" හ්ම්ම්ම්..... ඉන්න මැසේජ් එකක් දාන්න........ මං කලින් දාන්නත් හදලා අය දැම්මේ නෑ බං..... "

බලමුකෝ........ මොනා උනත් මේ ටික කාලෙට ඌ හොදට ෆිට් උනා අපිට.......

අපි කියවන එක නතර උනේ ගගන ආයම අපි ඉන්න තැනට ආව හින්දා.......

~ පිනිපොද ~Where stories live. Discover now