~විසිපස් වන පින්න~

552 121 79
                                    

Vote goal- 50

Comment goal- 50

.............................................................

ආදිත්‍ය pov,

ඉස්කෝල, පන්ති, පාඩම් වැඩ...... ඔය සේරම එක්ක මාස දෙකක් දන්නෙම නැතුව ගෙවිලා ගියා.....

ඔය කාලේ ඇතුලත එහෙමකට කියන්න විශේශ දෙයක් නම් උනේ නෑ.....

උනානම් උනේ හේශව් මට ටිකක් වැඩිපුර ලං උන එක තමා....

අහංකාර නිහඩ චරිතයක් කියලා හිතන් හිටියාට; අනේ ඒකාගේ ඇති නිහඩ කමක් නෑ...... චෙන්නායි එක්ස්ප්‍රස් වගේ කියවන්න ගන්නකොට.... ඒක පුදුම කටක්.... මාර කියවිල්ලක් කියවන්නේ... කට රිදෙන්නැද්ද මන්දා.....

මට ඉස්සර ලොකු ලයින් පෙන්නපු මේකා.... , දැන් නිකන් හැසිරෙන්නේ අහංකාර කම කියන්නේ මොකද්ද කියලා දන්නැති ගානට.....

හැබැයි මේහෙමයි........ , ඔය ඔක්කොම අපි ලග විතරයි ඈ....

පිට ලෝකෙට මූ ඉතින් අහංකාර නිහඩ නපුරු චරිතෙම තමා......

තව ගත්තොත්....., අපේ ආදීයි මගෙ මස්සිනායි දෙන්නා දුටු තැන වලි තමා...... අනේ මන්දා..... උන් දෙන්නාට එකට ඉන්න බෑ....... හැබැයි අපේ නැන්දම්මායි මාමන්ඩියි නම් ෆුල් සපෝර්ට් ඔය මගුලට.....

හරි හරි මං මේ නාන ගමන් ඉන්නේ   කෙල්ලනේ...... අපෙ එකී මොනා කරනවාද දන්නෑ.....

අවුරුදු වලට තව දවස් දොලහයි තියෙන්නේ....., ඉතින් ඇබරැල්ලා ගහේ ගෙඩි පිරිලා..... අර පොඩි බඩ්ඩ කොයි වෙලෙත් ඔය ගහට නගින්න මානගෙන ඉන්නේ....මං එහා මෙහා උනොත් ඉවරයි ඉතින්... 

ඇබරැල්ලා ගහ ටිකක් උස ගහක්.. හොදට අතු බෙදිලා හොද සරුවට හැදුන ගහක්.... ඒත් ඉතින් ඇබරැල්ලා අතු හයිය නෑනේ.. ඕකි ඕකට නැගලා බැරි වෙලාවත් අත්තක් කඩන් ගහා පල්ලේ දෙරි ඇදුනොත් කාට කියන්න්ද මං. ඔච්චරනේ මට මගේ කියලා ඉන්නේ.....

මං ඉතින් ඉක්මනින් ඇග පිහදාගෙන ටවල් එක පිටින්ම බාතෲම් එකෙන් එලියට ආවා....

කාමරේට ගිහිල්ලා ගුරු ශෝටට කහා පාට බැගී ටී ශ(ර්)ට් එකක් ඇන්දගෙනම සාලෙ පැත්තට ආවා....

මගෙ ඔලුව නිකන්ම හැර උනේ බිත්ති ඔරලෝසුව දිහාට...... හතරයි එකොළහයි.... තව ටිකකින් අරුන් එනවා පාඩම් කරන්න.....

~ පිනිපොද ~Tempat cerita menjadi hidup. Temukan sekarang