~නවවන පින්න~

652 122 20
                                    

ආදිත්‍ය pov ,

හරියටම පංතියේ බයික් දාන තැනින් බයික් නවත්තද්දි වෙලාව අටයි පනස් අටයි..... තව විනාඩි දෙකයි...... අම්මේ....... මුන් දෙන්නා පියෑබුවා...... මරු ඩ්‍රයිවින්ග්. කවුද දන්නෑ ලයිසන් දුන්නේ......

පංතියට යද්දි කෙල්ලො හැමෝම අපි දිහා මැජික් වගේ බලනවා.....

එහෙම තමා ඉතින් හැන්ඩ්සම් කොල්ලෝ බැස්සාම..... ගැම්මක් තමා...... හිකිස්.....

පන්තියට යන්න කලින් අපි කාඩ් ගන්න ගියා........ ඇතුලත්වීමේ ගාස්තුව ගෙවන්න එපැයි.

නංගියි මායි කාඩ් ගන්නකල් අරුන් දෙන්නාත් අපි එක්කම හිටියා....

කාඩ් අරන් පන්තියට යද්දි සර් ඇවිල්ලා නෑ..... මේක එච්චර ලොකු පන්තියක් නෙවෙයි වගේ.. ළමයි සීයක් වගේ තමා ඉන්නේ. නැත්තං සමහර පන්ති වල ළමයි දෙතුන්දාහානේ.....

මැද හිස්ව තිබ්බ බංකුවකින් අපි හතරම ඉදගත්තා.......

මේකෙ උන් අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ. ගොඩාක් උන්ගේ ඇස් තියෙන්නේ අපේ පොඩී ගාව. ඇයි ඉතින් ඒකි ඉන්නේ කොල්ලොම තුනක් එක්කනේ. අනික පන්තියට ආවේ දිලුමාගෙ බයික් එකේනේ......... අනෙහ්. ඕන මගුලක් හිතාගන්නැතෑ.... අපිට පාන්ද නේද......

මායි නංගියි ගෙනාවේ එහෙ පන්ති යද්දි ගෙනාව පොත්ම තමා.....


විනාඩි පහක් වගේ යද්දි සර් ආවා..














පැය තුනම දිගටම ඉගැන්නුවා..... සර්ට නංගිවයි මාවයි නෝට්. අපි දෙන්නාව නැගිට්ටවලා විස්තර ඇහුවා....... අපි දෙන්නා නිවුන්නු කියද්දි තමා පන්තියේ උන්ගේ ඇස් අපේ පැත්ත දිහා අමුතුවට බලන එක නැවතුනේ.......... සර්ම කිව්වානේ දැන් වත් මුන් දිහා නොබලා වැඩේ කරගනිල්ලා කියලා. ඒ කියන්නේ සර්ටත් පෙනිලා මුන් මගෙ එකී දිහා අමුතු සතෙක් ගානට බලනවා........

අපි පන්ති ඉවර වෙලා එලියට ඇවිල්ලා බයික් ලගට යන ගමන් මං අද බයික් එකක් ගන්න එක ගැන දිලුම්ට කිව්වා. ඒ කිව්වාට පස්සේ මූට මට වඩා හදිස්සිය..... මරු හැබැයි ..........

ජනාධිපති පුතනුවනුත් අපිත් එක්ක එන්නම් කිව්වා...... පොර කිව්වා උගේ තාත්තාගේ වාහන සේල් එකට යමු කියලා........

~ පිනිපොද ~Waar verhalen tot leven komen. Ontdek het nu