~හතලිස් හත්වන පින්න~

579 107 20
                                    

Comment goal- 50

Vote goal- 75

.............................................................

ආදිත්‍ය pov ,

"දෙයක් කියන්න තියෙනවා මට.."

වැඩ පටන් ගන්න කලින්ම මං කියලා දැම්මා......

ඔන්න දැන් හැමෝම මං දිහා බලාගෙන ඉන්නවා........

" කියපන් ඉතින් "

චතුර කියද්දී මං හේශව් දිහා බැලුවා......

මං දිහා බලලා ලා හිනාවක් දුන්න හින්දා මං උගුර පාදලාම කතාව පටන් ගත්තා.......

" මායි හේශවුයි relationship එකක් පටන් ගත්තා......"

වටේ නොයා කෙලින්ම කියලා දාපු පාර නුවනා බිබී ඉදපු තේ එකත් හිර කරගත්තා.......

මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉදපු දෙන්නා එක පාරටම කෑ ගහගෙන ගිහිල්ලා හේශව්ව බදාගත්තා.......

" ඒ කියන්නේ කොල්ලෝ උබ වැඩේ කරගත්තා එහෙනම් ඈ....."

" බලපන් උබේ අවුරුදු හතරක ලව් එක ගොඩ ගියා එහෙනම් ඈ..."

මොකක්............

මොනාද මුන් කියවන්නේ......?

අවුරුදු හතරක ලව් එක........

මං එහෙම්මම දිලුම් දිහා ඇහි බැමක් උස්සලා බලද්දී මෙන්න මූ මට ගොන් හිනාවක් දාලා බෙල්ල පිටිපස්ස කහනවා......

අපේකි සිවිලිම් කෑලි ගනන් කරනවා....

ගගන නම් මොකුත් නොකියා අරුන් දිහා බලන් ඉන්නවා.......

" මෙතන මොකද වෙන්නේ කියලා මට කවුරු හරි පැහැදිලි කරනවාද පොඩ්ඩක්...."

කට හඩ පොඩ්ඩක් ගොරෝසු කරලා කිව්වාම ඔන්න කට්ටියම මේ ලෝකෙට ආවා.....

" මං කියන්නම්....... "

මං දිහා බලලා ලාවට හිනා උන හේශව් , මං කියන්නම් කියලා හිමීට මං ලගට ආවා....

මං එහෙම්මම කිචන් කවුන්ටර් එකට හේත්තු උනා.......

" ම්න්.......... ඒක මෙහෙමයි.... මං ඔයාට කැමැත්තෙන් ඉන්නේ අවුරුදු හතරක ඉදන් ලොකූ...... ඒකත් ෆොටෝ එහෙකින් දැකලා.

දිලුමායි මායි කියන්නේ හය වසරේ ඉදන් හොදම යාලුවෝ.... දවසක් දිලුම් මට ඌ ගමේ ගිහිල්ලා ගහපු ෆොටෝ පෙන්නුවා..... ඉතින් එදා තමා මං ඔයාව ඉස්සරලාම දැක්කේ..... ඉතින් උගේ ෆෝන් එකේ තිබ්බ හැම ෆොටෝ එකක්ම මං බැලුවා...

~ පිනිපොද ~حيث تعيش القصص. اكتشف الآن