~දොළොස්වන පින්න~

657 125 21
                                    

ආදිත්‍ය pov,

මූත් අහංකාරයි වගේ........... එව්ව්ව්........ පවුලම ඔය වගේද දන්නෑ..........

ගගන රෙහාන් සමරදිවාකර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගගන රෙහාන් සමරදිවාකර.....
වයස අවුරුදු විස්සයි.....

අහංකාර උනාට එහෙම ලොකු අවුලක් නෑ වගේ...... බලමුකෝ බලමුකෝ ආස්සරේ කරලාම.....

දොර ඇරලා මං දොරෙන් එහාට උනේ තුන් දෙනාට ඇතුලට එන්න ඉඩ දීලා......

ඇතුලට ආවා සෙට් එකට ඉදගන්න සෝෆා එක පෙන්නලා මං නංගිව හොයාගෙන කුස්සියට ගියා..... මේකි කොහෙද අතුරුදහන් උනේ.....

මං යද්දි මෙයා වතුර හීටරේට ගහනවා.....

" අද අරූගේ අයියාත් ඉන්නවා ඈ. තේ පහක්ම හදන්න...."

මගේ කට හඩට නංගි මං දිහා බලලා ඇහි බැමක් ඉස්සුවා.....

"කොරූගෙද......? නමක් නැද්ද ඔය අරූ කියන එකාට.."

මේකිටත් ඕන්නැති ලබ්බක් නෑ....

" හේශව්ගෙන් බං...... උගෙ අයියාත් අද ඇවිල්ලා..."

ඔලුව විතරක් හොල්ලලා මේකි කෝප්ප හෝදන්න ගත්තා. මාත් එතකන් බිස්කට් පැකට් එකක් කඩලා ලොකු පීරිසියකින් ලස්සනට තිබ්බා......

" ලොකූ........"

"ම්ම්......?"

" තාම හේශව් එක්ක තරහාද ලොකූ...... "

මං මොකුත් නොකියා කට වහන් හිටියා..... දිලුමා කේලම කනේ තියන්නැති.....

" ඔච්චර නපුරු වෙන්න එපා හලෝ. හේශව්  මං ගැන හිතලානේ කිව්වේ......"

" මේ...... පොඩී........ මට කියලා කන පලාගන්නේ නැතුව හිටපන්. ඇයි උබට මං මදිද? වෙන වටේ ඉන්න උන් උබ ගැන හොයන්න මං මැරිලා නෑනේ. ඒ හින්දා උබත් මාව යකා නොකර උබේ වැඩක් බලාගෙන ඉදපන්......"

~ පිනිපොද ~Where stories live. Discover now