~අටවන පින්න~

659 123 20
                                    

ආදිත්‍ය pov ,

මං උදේ නැගිටිද්දි පොඩී නැගිටලා ගෙදර අස් කරනවා.

ඔව් ඉතින් ගිය දවස් දෙකේ අපිට හරියට ගෙදර වත් අස් කරගන්න පුලුවන් උනේ නෑනේ........

වෙලාව හයයි දහයයි.

ම්ම්ම්ම්......... මිදුල ටිකක් අතුගෑවා නම් හරි.........

නංගිට ගේ අස් කරන නිසා මං ඉක්මනින් මිදුල වටේ අතුගාලා දැම්මා.......

මං අතුගාලා ගෙට එද්දි නංගි ගේ අස් කරලා දාලා උයනවා......

හයයි තිස් පහයි වෙලාව......

නංගිට උයන්න දීලා මං බාතෲම් එකට ගිහිල්ලා හොදට නාගත්තා.

වොශින් මැශින් එක වැඩ. ඒ කියන්නේ නංගි රෙදි හේදෙන්න දාලා........

මං නාලා ලෑස්ති වෙලා කුස්සියට යද්දි නංගි තේ හදනවා.......

"පොඩී......... ඕක හදලා ගිහිල්ලා නාගන්න....... දැන් හතයි විස්සයි වෙලාව. මං කෑම ටික හදන්නම්.."

" ආය උයන්න දෙයක් නෑ ලොකූ..... මං ඉව්වා..... කොච්චි සම්බෝලයක් හදලා සෝයාමීට හැදුවා...... මේක බීලා නාගන්නම් මම. "

නංගි ඉතින් තේක බීලා ලෑස්ති වෙන්න යද්දි මං පොත් බෑග් එකත් අරගෙන සාලෙට ආවා....

අතේ තිබ්බ පෝන් එකෙන් මං දිලුම්ගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා........

තව විනාඩි දහයෙන් අපේ ගෙදර කියපු මූ පෝන් එක කට් කරා..

බඩගිනියි අප්පා. ඒත් නංගි එනකල් කන්න බෑ. එහෙම්මම වට්සැප් එකට ගිහිල්ලා sts බලන්න ගත්තා.........

මුන්ගෙ sts ප්‍රසිද්ධ ස්තාන වල නම් බලන්න බෑ..... ඒ තරම් සංවරයි එව්වා........ කොල්ලෝ උනාම ඉතින් එහෙම තමා......... මං උනත් ඉතින් ප්‍රෝන් හබ් එකේ සැරිසරනවානේ....

ඔක්කොගෙම sts එකයි....... මොකද මේකේ ඉන්න උන් ඔක්කොම කොල්ලෝනේ.

කෙල්ලෙක්ට කියලා ඉන්නේ ඉතින් චූටියි පොඩියි තමා.......

උන් දෙන්නාම බටස ලෝලී උන් නිසා උන් දෙන්නාගෙම sts තියෙන්නේ එව්වා. ඔක්කොමත් හරි මුන් දෙන්නාම ඒකේ ඉන්න කොල්ලෝ දෙන්නෙක්ව කපල් කරන් මැරෙන්න හදනවා.......

~ පිනිපොද ~Where stories live. Discover now