Double ඉර 2

418 66 5
                                    


වල් බූරු ක්‍රිෂ් දඩෝරියව මං අල්ලගෙන හිටියට මගෙ ඇස් තිබුනෙ නදීර ගිය දිහාට.ගිහිල්ල එන්නං කියල ගියාට අඩි විස්සක් ගියෙ නෑ ඌ ආයෙම බයික් එක නතර කරල කඩේකට ගියා. මං බලන් ඉන්නැද්දිම  පෑනකුත් අරං එළියට ආපු ඌ කලිසම් සාක්කුවෙන් ගත්ත නෝට් බුක් එකක් අරගෙන බයික් එකේ සීට් එක උඩින් තියාගෙන මොනවහරි ලිව්ව...
ඒ ලියනගමන් හොරාට මගෙ දිහාත් බලනව.....

පස්සෙ ඒ කොළේ කඩපු ඌ ඒක දෙකට නමල ඒ වෙලාවෙ අපි ඉන්න පැත්තට ආපු පොඩි කොල්ලෙක්ට ඒ කොළේදීල මාව පෙන්නනව මං බලාගෙන. දැන් ශුවර් මූ ලව් ලෙටර් එකක් ලිව්වෙ කියල....
කොල්ලට ඒක දීල මූ මට හෝන් එකකුත් ගහල ඇරල තියල ගියා..
පොඩිඑකා ඇවිත් කොලේ මට දීල ගිය හින්ද මං අයිනකට ගිහිල්ලා ඒක දිගාරින්න හදද්දිම කොහෙද මන්ද ඉඳල එතනට කඩාපාත් උන ක්‍රිෂාණය මගෙ අතේ තිබ්බ කොලේ උදුරල ගත්ත.

" මෙන්නෝ.. අපෙ ලොක්කට කොල්ලෙක් ලව් ලෙටර් එකක් දුන්නෝ..! "

" කෑගහන්න එපා පකයො. කාටහරි ඇහුනොත් විනාසයි...!! "

ඌ කෑගැහුවෙ මට ඇහෙන්න විතරයි , ඒත් ඉතිං මං බය උනේ අරූ ඒ කොළේ මොන මගුලක් ලියල තියෙනවද දන්නෙ නැති හින්ද....

" අඩෝ ආයුෂ්... උඹේ බෝයිෆ්‍රෙන්ඩ් පට්ට කවිකාරයෙක් ඈ.
ඕං අහගනිං...!! "

" දැක දැක පොලිස් අයියේ නුඹෙ හුරතලය..
සුදු ඉර පසුකරේ හොරැහින් බල බලය...
නම ගම නොඅසාම දැක තනතුර නිළය..
දැන්නම් දුකයි නොලියූ එක දඩ කොලය.
ආපසු එද්දි ආයෙත් ඇස් දෙකෙන් ඇද...
තනි ඉර කැපුණි මං මොනවා කරන්නද ?
ලයිසන් එක ගත්තෙ දඩකොල ලියන්නද ....???
නැතිනම් පොටෝ එක විතරක් බලන්නද... ???
මුතු අත් අකුරු මුදුවක් නැති අතින් කර
දඩ කොලයක් උනත් වෙනවා හැඟුම්බර
යන්නට නුඹේ සිනහව ළඟ ගිමන්හැර
ආයෙත් කපනවා හෙට මං ඩබල් ඉර...."

ඒක අහපු මට තනියෙම හිනා ගියේ ඒ පිස්සගෙ කවියෙ තිබ්බ අන්තිම පේළිදෙක මගෙ හදවත පතුලෙම රැඳුන හින්ද ....

"යන්නට නුඹේ සිනහව ළඟ ගිමන්හැර
ආයෙත් කපනවා හෙට මං ඩබල් ඉර"

" අඩෝ අඩෝ ඌවනං උඹට සෙට් ආයුෂ් ඈ...!!!
බලපන්කො මේ කවිය අස්සෙ තියෙන love එක... ආව් ආව් මගෙ ලොක්කට හරි ගියා ඈ...!!! "

DOUBLE ඉරWhere stories live. Discover now