DOUBLE ඉර 8

289 55 4
                                    


ඔය විදියට පටන් ගත්ත මගෙයි නදීරගෙයි සම්බන්ධෙට දැන් මාසයක් විතර ගෙවිල. දැන්නං ඌ මගෙම විතරයි. නදීරයගෙ කටින් සර් කෑල්ල හලන එකනං මට එච්චර ලේසි උනේ නෑ , අදටත් සර් ගාලා මගෙන් බැනුම් ඇහුවහම විරිතගෙන ඉන්නව. මං උට මං කවුද කියල තාම කියල නෑ. මං තාමත් උට ට්‍රැෆික් පොලිස්.
නදීරයට තියෙන ලොකුම රාජකාරිය තමයි ක්‍රිෂානයව අවුස්සන එක. ගොඩක් වෙලාවට දෙන්නගෙ වලි නවතින්නෙ මගෙ මරණ තර්ජන වලින් පස්සෙ .

නුවර සිද්ධියෙන් පස්සෙ නදීර මගෙ ගෙදරම සාමාජිකයෙක් උනා. මුලින් නදීරය මාත් එක්ක මේ ගෙදර ඉන්න අදිමදි කරත් මගෙන් බැනුම් අහන්න බැරිකමට ඌ මාත් එක්ක සතියට දවස් තුන හතරක් අපේ ගෙදර ඉන්න පුරුදු උනා. ඒත් ඉතිං අපි අතර මොකුත්ම වෙන්න ඉඩක් තිබ්බෙ නෑ. එක්කො ක්‍රිෂ් කොහෙහරි ඉඳල තැටිය රත්වීගෙන එද්දිම කඩාපනිනව. එහෙම නැත්තං මං ගෙදර එද්දි නදීර සැපට නිදි. ඉතිං මං කරන්නෙ ඌව තුරුල් කරන් නිදාගන්න එක. වෙලාවකට ඒක කරන්නත් බෑ.

" කොල්ලනේ උඹලගෙ හොර මිනිහ ආවෝ !!!! කෝ තොපි ?? මැරිලද ?? ආයුවෝ....!!! නදියෝ....!!! "

" අපෝ ආං අරූ ඇවිල්ල බෙරිහන් දෙනව නදී මැණික , දැන් ඉතිං නිදාගෙන  ඉවරයි !! "

" ඈ... කවුද ආවෙ... මං නෑ කියන්න...!!!
ඔබ අමතන ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක. මං නිදි...!! "

" උඹට ඉතිං ලෝක විනාස උනත් නින්ද ලොකුයි වහු පැටිය. ඔන්න ඔහේ ඕකා කෑගහල නිදාගන්නෙ නැතෑ. මේ ග්‍රාකයත් නිදි එහෙනං ...!! "

" තොපෙ ආච්චිට හාල් ගරන්න කෝ කෝ අහකට වෙයව්...!!!
මටත් ඉඩක් ඕනෙ. Threesome threesome අද ....!!! "

" ආයි හුත්තො අත...!! "

" මං කිව්වනෙ ඉඩ දෙන්න කියල , ඇහුවෙ නැතුවම කරන්න දෙයක් නෑ , වෙරි සොරි බට් නෝ වොරීස්ස්ස්ස්...!! "

" උඹ කොහෙද අද ගියේ ක්‍රිෂ් ! "

" අර අක්කගෙ මිනිහගෙ මොකෙක්ද යාලුවෙක් එනව කියල මට එන්න කිව්ව. ඒ වැඩේ ඉවර කරල මං මෙහෙ ආවා උඹලව කන්න...!!!
ඒ මෙහ් නදිය මැරිලද බං...!! "

" උඹ දැන් කටවහගෙන නිදා නොගත්තොත් නදිය අතින් උඹ මැරුම් කනව කියල ශුවර්....!! "

DOUBLE ඉරWhere stories live. Discover now