DOUBLE ඉර 20

254 37 9
                                    

අපි ඔක්කොම දිහා මාරුවෙන් මාරුවට බලපු අවිනාශ් අයිය මුල පුරන්න හදන්නෙ ලොකු බැරෑරුම් කතාවකට කියල මට තේරුනා...

" එදා රෂේන්ගෙ සිද්දිය අපිට ආරංචි උන ගමන් අපි චූටිව හොයාගෙන ආවත් අපිට චූටිව හොයාගන්න බැරිඋනා . අර හුකන ඇමතියගෙ හෙන්චයියො දෙතුන්දෙනෙක්ව පරලෝකෙ යවල දෙතුන්දෙනෙක්ගෙ ඇට කුඩු කරද්දි තමයි උඹ ඒ පැත්තෙ කරක්ගැහුව කියල ආරංචි උනේ ආයුෂ්...!! "

අවිනාශ් අයිය ඒක කියල මගෙ දිහාට ඇඟිල්ල දික්කරද්දි මං උගෙ මූණ දිහා බැලුව . ඒ මූණෙ තිබ්බෙ සතුටක්ද දුකක්ද තරහක්ද කියල මට තේරුම්ගන්න අමාරු උනා....

" ඒවෙලාවෙ මට නාද්ව බේරගන්න වෙන විදිහක් තිබ්බෙ නෑ අයියෙ ! නාද්ට උනේ මොකක්ද කියලවත් නොදැන මං නාද්ව අරං හැංගුනේ උන් එක්ක හැප්පෙන්න මට පුළුවන්කමක් තිබ්බෙ නැති හින්ද....!!! "

" මං උඹට වැරැද්දක් කියන්නෙ නෑ ආයුෂ් , උඹ ඒ වෙලාවෙ නාවනං අද අපේ මල්ලි මේ විදිහට අපි ඉස්සරහ ඉන්නෙ නැතිවෙන්න තිබ්බ. ඒකරපුදේට උඹට ස්තූති කරන්න අපිට වචන නෑ ආයුෂ්. මට තියෙන්නෙ අපි මෙච්චරටම චූටි ගැන හෙවිල්ලෙන් ඉඳලත් මේ අනතුර ගැන ඉව නොවැටුන එක ගැන දුකකුයි තරහකුයි....!!!

උඹල දෙන්න රටින් පනින්න යන්නෙ කියල ආරංචිවෙලා අපි කළුවගෙ ගෙවල් පැත්තට ආවත් අපි එන්න කලින් උඹල පැනල ගිහිල්ලා ඉවරයි. මුහුදෙ උඹලව හොයන්න බැරි හින්ද අපි පහුවදාම මාලෙ ආවෙ කළුව උඹලව අරංගියේ එහෙට කියල ආරංචි උන හින්ද , ඒත් මාලෙ පීරල උඹලව හෙව්වත් අපිට උඹලව හම්බුනේ නෑ. පස්සෙ තමයි ආරංචි උනේ මුහුදුගිය බෝට්ටු ඒවෙනකල් ගොඩබිමට ඇවිත් නෑ කියල.

පස්සෙ අපි උඹල ගොඩට එනකල් රැකගෙන හිටිය , අපි දෙන්නගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ උඹ මූ එක්ක කරදරයක් නැතුව බෝට් එකෙන් බහිනව දැක්කහම චූටි. ඒවෙලාවෙම ඇවිල්ල උඹව බදාගෙන ඉඹින්න හිතුනත් අපි දැනන් හිටිය රෂේන්ගෙ උන් උඹව අතාරින්නෙ නෑ කියල . අපි මෙහෙ හිටියට රෂේන්ගෙ මහ එකාගෙ උන් උඹව පිස්සු බල්ලො වගේ හොයනව කියල අපි දැනන් හිටිය  "

" ඒත් ලොකූ දැන් මාසෙකටත් වැඩීනෙ උන් කොහොමද අපි ඉන්න තැන හොයාගත්තෙ ? "

DOUBLE ඉරWhere stories live. Discover now