DOUBLE ඉර 19

250 38 8
                                    


රෂේන්ගෙ කේස් එක අපේ ජීවිතවල ලොකුම ටර්නිං පොයින්ට් එක උනත් අපේ ජීවිතවලට තවත් ටර්නිං පොයින්ට් එකක් අපි එනකල් පාර අයිනට වෙලා අඳුරෙ හැංගිලා ඉන්නව කියන්න මංවත් නාද්වත් ක්‍රිෂ්වත් දැනගෙන හිටියෙ නෑ.

මටයි නාද්ටයි තිබ්බ මහන්සිය හින්දයි ක්‍රිෂ්ගෙ හිතේ තිබ්බ දුක හින්දයි ගෙදර එන ගමනෙදි අපි අතරෙ ලොකු කතාවක් උනේම නැති තරං.

එකපාරටම  පාර දෙපැත්තෙ අඳුර අස්සෙ හැංගිලා හිටපු කළු ඇඳගත්ත පිරිමි හතරදෙනෙක් අපි එන පාර මැද්දට ඇවිල්ල හිටගත්ත. උන් ආවෙ හොඳකට නෙවෙයි කියල උන්ගෙ මූණුවලින් මට තේරුනා.

" ආයු මුං රෂේන්ගෙ උන්...!! "

උන්ව දැකපු නාද් කැඩුන හඬකින් ඇහෙන නෑහෙන ගාණට අපිට මිමිනුව . උගෙ මූණ බයෙන් පිරිල කියල මගෙයි ක්‍රිෂ්ගෙයි ඇස්වලට අහුවෙද්දි මේක විහිලුවක් නෙවෙයි කියල අපි දෙන්නට හොඳටම තේරුනා. ඒත් කොහොමද ? කොහොමද උන් අපිව හොයාගත්තෙ ?
මං නාද්ව අල්ලගෙන ඌව මගෙ පස්සට කරන්න හැදුවත් ඌව මට හොල්ලන්නවත් බැරි උනා. මං හිතුවෙවත් නැති විදිහට නාද් මාව කවර් කරගෙන ඉස්සරහට ඇවිල්ල හිටගත්ත .

" තොපිට ඕනෙ මාව නේද ? ඉතිං වරෙව් ! මරනවනං මරපියව් , හැබැයි මුන් දෙන්න යන්න දෙන්න ඕනෙ , මුන් අහිංසකයි....!! "

" හරි යන්න දෙන්නං , හැබැයි බයටවත් උඹලට තියෙන අනුකම්පාවකටවත්නං නෙවෙයි , අපිට ඕඩර් එකයි සල්ලියි හම්බුනේ උඹව ඉවර කරන්න විතරයි . අහක යන උන් වෙනුවෙන් බුලට් නාස්ති කරන්න අපි කැමති නෑ.... "

" නාද් උඹ මේ කරන්නෙ මොකක්ද කියල දන්නවද ...?? "

" ඔව් මං දන්නව ආයු , මං උඹල දෙන්නව බේරනවා ! වඳින්නං රත්තරං ජීවිතේ බේරගෙන පලයන් , මං වෙනුවෙන් ජීවත් වෙයන් වස්තු.....!!"

" උඹට මැරෙන්න දීල මේ ආයු යයි කියල හිතනවද නාද් ! "

" අනේ ආයු ප්ලීස් කියනදේ අහපන් දෙයියන...!! මං වෙනුවෙන් මෙතනින් බේරිලා පලයන් බං..... ! "

නාද් මගෙ ඉස්සරහ දණගහගෙන මගෙ ජීවිතේ බේරගෙන ක්‍රිෂ්වත් අරං යන්න කියල ඉල්ලද්දි හැමදාම ඌ කියනදේට එකඟවෙන මම අද උට විරුද්ධ උනා. මැරෙනවනං දෙන්නම එකට කියල මං බිමට නැමිල නාද්ව බදාගත්ත

DOUBLE ඉරWhere stories live. Discover now