DOUBLE ඉර 10

274 48 1
                                    


මං අතේ තියාගෙන හිටපු රෙද්දෙන් මගෙ මූණ කවර් කරගෙන ආපු එකාට හොඳ තිත්ත කුණුහරුප වලින් ජාතිය අමතපුපාර ඌ ඇතුලට ආවට වැඩියෙ වේගෙන් එළියට පැන්නා...!!!

මං හිමීට රෙද්ද පොඩ්ඩක් එහාට කරල දොර දිහා බැලුවෙ දොර ඇරිලද කියල. අපෙ වෙලාවෙ හොඳකමට දොර ඇරිල තිබ්බෙ ලාවට. ඇතුලට ආපු එකා එළියට පැනපු හින්දද කොහෙද තව කීපදෙනෙක් එතනට එනව මට ඇහුන....

" ඇයි ඇයි ... ඌ ඇතුලෙ ඉන්නවද බාචි....!! "

" ඌ....ඌ.....ඌ ඇතුලෙ නෑ බං ...!! "

" එහෙනං ඇයි තෝ බයවෙලා වගේ එළියට පැන්නෙ. බලපිය තොට දාඩියත්දාලා. ඒ මදිවට තෝ මොන හුත්තකටද ගොත ගහන්නෙ..???  "

" ඇතුලෙ කොල්ලො දෙන්නෙක් හැමිනෙනව බං ... !!! "

" ඉදකින් පොන්න හැතිකරේ... !! රට විනාසයි යකෝ... තූ නොදකින් ...!!!
යමව් යමව් මුං හැමිනෙන ඒව බල බල ඉන්න ගිහිල්ලා අරූ පැන්නොත් ලොක්කා අපිට අරී දෙකේ දාලා ...
ආපු පාරෙ ගෙවල් ඔක්කොම ක්ලීයර් නෙ....!!! "

" ඔව් ලොක්කා , එක ගෙයක්නෑර පීරුව.....!!! "

උන්ගෙ  සද්ද නෑහෙනකල් ඔලුව උස්සගෙන කන්දීගෙන හිටපු මං උන් ඒ හරියෙන් ගියා කියල ශුවර් උන ගමන් නදීරගෙ ඇඟට කඩන් වැටුන...

" උඹ දින්නා මගෙ ආයු...!! උඹ දින්න පණ !! "

" තාම නෑ මගෙ වස්තු , මං දිනන්නෙ උඹව මෙතනින් අරං පැන්නහම ....!! "

මං ඉක්මනින් කලිසම හදාගෙන ආයි බැරිවෙලාහරි මොකෙක්වත් වටපිටාවේ ඉන්නවද කියල බලන්න අඩවල් කරපු දොරෙන් ලාවට ඔලුව ටිකක් එළියට දාලා බැලුව. ඔක්කොම දඩබල්ලො ටික වැරදි පාරෙ ගිහිල්ලා කියල සැක ඇරල තහවුරු කරගත්ත මං ඉක්මනින් ඇඳ යටට දාපු ඇඳුම්ටික අරගෙන මගෙ පණට ඇන්දෙව්ව

"නදීර ...!! නදීර ....!! කෝ නැගිටපන් රත්තරං ....!!
අපි යන්න ඕනෙ ...!!!
ශක්තිමත් වෙයන් මැණික ! උඹ මගෙ පණ ! මං ඉන්නකල් උඹට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ මගෙ රත්තරං ...!! "

තුවාලෙ වේදනාවත් ලේ ගොඩක් ගිහිල්ල තිබ්බ හින්දත් මේ වෙද්දි නදීර ඉන්නෙ සිහියත් අවසිහියත් අතර තත්වෙක කියල මට තේරුනා. බුලට් එක වැදිල තිබ්බෙ නදීරගෙ උරිස්සයි අතයි සෙට් වෙන තැනට. ඒ හින්ද උගෙ අත හෙල්ලෙන වාරයක් ගාණෙ උට ලොකු වේදනාවක් දැනුන හින්ද උට කෙඳිරිගෑවුනා ....!!
මං ඉක්මනින් උට බුර්කාව අන්දවල ක්‍රිෂ්ට කෝල් එකක් ගත්ත ....

DOUBLE ඉරWhere stories live. Discover now