DOUBLE ඉර 3

339 59 7
                                    


පහුවදා පාන්දර නැගිටල බඩු ටික කවරවලින් එළියට ඇදල අස්කරන්න ගත්තෙ ඔලුවට ආපු චූටි මනමාල අදහසකුත් එක්ක. බඩුටික අස්කරන ගමන් මං හෙව්වෙ චොකලට් ,ටොෆී එහෙම කොහෙද තියෙන්නෙ කියල. ක්‍රිෂ් නැගිටින්න කලින් චොකලට් , ටොෆී එහෙම දාලා පොඩි පාර්සල් එකක් හැදුව. ඒක හදල මගෙ යුනිෆෝම් එකේ සාක්කුවට ඔබපු මං කොලේකුයි පෑනකුයි අරගෙන වාඩි උනේ ප්‍රේම කුරුල්ලට පිළිතුරු කවියක් ලියන්න .
ටික වෙලාවක් කල්පනා කරද්දි සුපිරි පද ටිකක් මතක් උනා.

"හදවත් හිතින් ගලවා එක ළඟින් තබා
සුදු ඉර මතින් යද්දී ඇස් මගෙම ඔබා
සැඩ වෙස් ගත්ත ඔය ඇස්
දැනෙනවා බබා....!
කෙලෙසද ගළවලා එන්නේ කාකි කබා...!
ලයිසන් එක අරං මගෙ අත උඩින් තියා..
මගෙ ඉස්සරහ ඇස් මානෙම ඉද්දි ඔයා...
ෆොටෝ මොටද නම ගම විස්තරය සොයා...!
බැලුවේ කවුද තනි ඉර කැපු මැට්ටා කියා

අතැඟිලි දෙස බලා නෙතඟින් සැරින් සැරේ...!!!
යන්තම් දැනුන ඔබ කියනා කතන්දරේ...!
තනිඉර කාපාගෙන එකකොට දැනුන හොරේ...!!
දෛවය ලියන්නද යන්නේ ඩබල් ඉරේ...!"

" අමෝර් අමෝර්.. මේං යකෝ අපේ deputy police officer ආයුෂ් කවියෙක් වෙලා....!!!
යකෝ තෝ අද වෙනකල් මටවත් කවියක් ලියලදීල නෑ....
අරූට එකක් මදිවට තුනක්.
මිත්‍ර ද්‍රෝහියා.. වල් හිවලා...!

බලපියව්කො...බබා.! මැට්ටා.!
තෝ අඩුගානෙ මට නිකමට මැට්ටා කියලවත් කියල නෑ....! ඇට රිලවා..!! "

"මෙන්න මෙහාට දීපිය ඕක...!!
ආවා මෙතන විචාර දෙන්න හෝතඹුව.!!  "

" ඔව් ඉතිං අපි හෝතඹුවෝ , අරූ කේශර සිංහයා වෙන්න ඇති... !! "

" ඔව් ඌ මගෙ සිංහය තමයි ඇට මැස්සො. හැබැයි කේශර තියෙනවද කියලනං බැලුවෙ නෑ තාම ...."

" අම්මෝ ඔව් !! අර හංස පූට්ටුව වගේ හිටපු වෙලාවෙ අරූව සම්පූර්ණ නිර්වස්ත්‍ර කරගෙන ඉන්න ඇත්තෙ තෝ. මං දන්නෙ නැද්ද උඹේ හැටි !! "

"අපෝඕඕ....! බං ඔහොම ඊරිසියාවෙ පැලෙන්න එපා ක්‍රිෂ් . උඹට ඉතිං කුෂී ඉන්නෙ ...!!! "

" අනේ මේ මතක් කරන්න එපා ඕකිව, රත්තරං වලින් වාත්තු කරල කියල හිතන් ඉන්නෙ. උඹේ මනමාලය ඒ අතින් දියමන්ති...
දඩ කාගෙන ආදරේ කියන්න එන්නෙ. අදත් එයි ශුවර් එකටම. අදනං තෝ එන්න එපා ළඟට මං ඕකට දඩයක් ලියනවමයි මගෙ යාළුවව ඉස්සුවට...! "

DOUBLE ඉරWhere stories live. Discover now