DOUBLE ඉර 4

340 61 8
                                    


මම ක්‍රිෂ්වත් ඇදගෙන ඒ වෙලාවෙම නදීරව හොයාගෙන යන්න පිටත් උනේ උට මොකුත් කරදරයක්දෝ කියල මගෙ හිත කෑගහපු හින්ද. වැඩිවෙලා යන්න කලින් අපි ඉන්න චෙක් පොයින්ට් එකත් පාස් කරල නදීරගෙ ගෙවල් හොයාගෙන මං වාහනෙ අරං ආවෙ වෙනද යනවටත් වඩා වේගෙකින්.....

" හිමීට යමන් යකෝ. තෝ මේ කුලප්පු වෙච්ච අස්සය වගේ ගිහිල්ලා ඌව හොයන එක කෙසේවෙතත් අපිට නවතින්න වෙන්නෙ එක්කො මෝචරියෙ එහෙම නැත්තං හොස්පිටල් එකේ !!! "

ක්‍රිෂ්ගෙ කන් කෙඳිරිය හින්දම මං වාහනෙ ස්පීඩ් එක ටිකක් අඩු කරේ නදීර මගක හිටියත් මේ වේගෙන් ගියොත් ඌව මග ඇරෙන්න තියෙන ඉඩ වැඩී කියල මට තේරුන නිසා. අන්තිමට අපි උගෙ ගෙදරට හැරෙන පාර ගාවට එන්න අතරමග කීපදෙනෙක්ගෙන් උගෙ ඇඩ්‍රස් එක අහගන්න උනා. ඌ කිව්ව හරි අපි හිටපු තැන ඉඳල මේ ආපු ටිකටත් සෑහෙන්න දුරක් අපිට එන්න උනා. අපි දැන් මේ ගමේ භාගයක් දුරට විතර ඇතුලට ඇවිල්ල හිටියත් නදීරගෙ ගේ හරියටම හොයාගන්න බැරිඋනා..

" අහ් වෙලාව හොඳයි වගේ ආයු , අර කඩේ ලෑල්ලක් ඇරල පොඩ්ඩක් කාර් එක නවත්තල බැහැල ගිහිල්ලා අහල බලමු "

" ඔව් බලමු , කඩේ එකා මේ ගමේ ඉන්න එවුන් ගැන විස්තර නොදැන ඉන්න විදිහක් නෑනෙ !! "

මායි ක්‍රිශුයි දෙන්නම කාර් එකෙන් බැහැල කඩේ ඇතුලට රිංගපු හින්ද කඩේ මුදලාලි හරි අමුතු විදිහට අපි දිහා බැලුව...

" මොනවද මහත්තයො ඕනෙ ?? "

" අපිට මොකුත් එපා මුදලාලි , අපි මේ කෙනෙක්ව හොයනව . කඩේ ඇරල තියෙනව දැකල තමයි අපි මේ ඇතුලට ආවෙ උදව්වක් ගන්න පුළුවන් වෙයිද බලන්න ..!! "

" මහත්තුරු කවුද ? "

" මං ආයුෂ් , එතකොට මේ මගෙ යාළුව. අපි හොයන්නෙ නදීර කියල කෙනෙක්. මට වැඩියෙ ටිකක් මිටී , කොණ්ඩෙ ක්‍රේල් , වම් කනේ රිදීපාට මැග්නට් කරාබුවක් දාලා ,  කළු කොළ පාට මික්ස් උන Ct125x බයික් එකක් තියෙනව.."

" නදීර කිව්ව නේද ? මේ ගම්වල මිනිස්සුන්ගෙ හරි නම් පාවිච්චි වෙනව හරි අඩුයි මහත්තය , ඒත් ඔය කියපු විස්තරේ හැටියට මහත්තයල හොයන්නෙ අපෙ නිළමෙ කොල්ල වෙන්න ඕනෙ..!! "

DOUBLE ඉරWhere stories live. Discover now