DOUBLE ඉර 21

457 42 46
                                    


හැම කතාවකටම පටන් ගැනීමක් වගේම අවසානෙකුත් තියෙනව.ඒ නිසා අපේ කතාව ඉවර කරන්නත් දැන් කාලෙ ඇවිල්ල. ඉතිං මං ක්‍රිෂාන්...!! එහෙම නැත්තං උඹල කවුරුත් දන්න ක්‍රිෂ් . ආයු කතාව නවත්තපු තැන ඉඳල කතාව කියන්න වෙන්නෙ මට. උන් දෙන්නට කතාවෙ ඉතුරුටික කියන්න වෙලාවක් නෑලු.උන් දෙන්න මාව දාලා මට හොරෙන් දුර ගමනක් ගියා.මං මේ උන් ආයි එනකල් ඉන්නෙ ඕකුන්ගෙ බෙලි ගලවන්න බලාගෙන. ඉතිං එතනින්  අහගනිල්ලකො එතනින් පස්සෙ මොකක්ද උනේ කියල !

නාද් කියන්නෙ ඔස්කා සම්මානෙ දෙන්න ඕනෙ වල් බලු නළුවෙක් ! මං හිතුවෙම අද වෙච්ච දේත් එක්ක උට මල පැනල ඇත්තෙ කියල මොකද ඌ සින්දුව කිව්ව ඇරෙන්න උගෙ අයියගෙ කතාවෙන් පස්සෙ වචන දහයක් හරියට කාඑක්කවත් කතාකරේ නෑ
මං හිතුවෙ අදනං මගෙ පුකට වැඩේ හරි කියල , ආයුත් ඇඳුම් ගලවල මං ගාවට එන්න හදද්දි මං ඉතිං හිත හදාගත්ත මොනව උනත් මුන් දෙන්න මගෙ යාළුවොනෙ කියල ....!!!

ඇත්තටම කිව්වොත් මුන් දෙන්නට මගෙ සර්වාංගෙම දෙන්නබැරි නෑ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මුං ඕක කිය කිය මාව අවුස්සන එකනෙ. අර බීල වැඩිවෙලා ආයුෂ්ට ගල් කපපු එකට මුන් දෙන්න තාම හිනාවෙනව. ඉතිං මුන් දෙන්න එක්ක මං සිහියෙන් සෙක්ස් කරොත් මුං මැරුණත් මගෙ පස්සෙන් ඇවිත් හිනාවෙයි. ඒ තරම් බඩු දෙක...!!!

මං කෑහැහුව හින්ද නාද් මාව අතෑරල මෙට්ටෙ උඩ වැටිල ඇස්වලින් කඳුළු පනිනකල් හිනා වෙද්දි ආයුත් ඊට දෙවෙනි උනේ නෑ. අනේ අම්මපා මං නැතුව හිටිය ටික කාලෙට මේ බල්ලො දෙන්න මාව බය කරල මරන්න පුළුවන් තරමට දියුණුවෙලා. මං පැනපු ගමන් නාද්ගෙ බෙල්ල හපල ලව් බයිට් එකක් හිටින්න තදේට ඉරුවෙ මට කරපුදේට රිටර්න් එකක් දෙන්න උනත් මේ බලු ගෙරියා ඒත් හිනාවෙනව. ඒ අස්සෙ අනික් බූරුව මං ගාවට ඇවිල්ල උගෙ බෙල්ල මට පෙන්න එතනටත් ලව් බයිට් එකක් ඕනෙලු. මේවට තමයි කියන්නෙ පතාගෙන ආපු ඒවා ඔතාගෙනම යන්න වෙනව කියල . අන්තිමට ඉතිං නාද්වයි ආයුවයි දෙපැත්තෙන් පපුව උඩ තියාගෙන උන් දෙන්නව නිදි කරවන්න තමයි මට සිද්ද උනේ.

හුස්ම ගන්න අමාරු ගතියක් වගේ දැනුන නිසා මං ගැස්සිලා ඇහැරුනා. ඊයෙ අඬල ඇස්‍ රිදෙනව උනත් මං අමාරුවෙන් ඇස් ඇරල බැලුවෙ මොකක්ද මගෙ ඇඟට මෙච්චරටම දැනෙන බර කියල . ඒ වෙලාවෙ තමයි මට හිතුනෙ මං නින්දෙන්ම නොමැරුණ එක ලොකු දෙයක් කියල . නාද් මගෙ පපුව උඩින් හරහ වැටිල නිදි , ආයු මගෙ බඩ උඩින් හරහ වැටිල නිදි. ඉතිං හිතපල්ලකො කිලෝ සීයක් විතර මගෙ අඟ උඩ වැටිල තියෙද්දි මගෙ හුස්ම වැටුන එක පුදුමයක් නෙවෙයිද කියල !

DOUBLE ඉරWhere stories live. Discover now