DOUBLE ඉර 9

274 51 1
                                    


මං දීපු කොලේ හෙන ගැම්මෙන් අතට ගත්ත ක්‍රිෂ් උගුරෙ රැල් බුරුල් එහෙම ඇරල ඒ කොලේ තිබ්බ ඒවා මට ඇහෙන්න කියවන්න ගත්ත....!

" අදනං කවි නෑ හොඳේ...! අවුරුදු ගාණකට පස්සෙ මේ කේක් එකක් හැදුවෙ. ටේස්ට් එක කොහොමද කියල කාලා බලල කියපල්ල ඈ. අයියෙ උඹ තනියෙන් ගිලින්න එපා ක්‍රිෂ් අයියටත් දීපන් ....!!! "

" දීපිය මටත් කේ...."

ක්‍රිෂ් කේක් ගාද්දි මං කේක් කෑල්ල එහෙම පිටින් කටේ ඔබාගෙන ඉවරයි . ඒත් ඉතිං ගිලින්න හම්බුනේ නෑ ක්‍රිෂ් ගෝතය කේක් කෑල්ලෙ කටෙන් එළියෙ තිබ්බ හරිය කඩල උගෙ අතට ගත්ත....

" අඩෝ මේ උඹ deputy උනාට කමක්නෑ මට නොදී උඹට බත් ඇටයක්වත් කන්න මේ ක්‍රිෂ් ඉඩ තියෙන්නෙ නෑ හරිද ??? "

මට හොඳ උත්තරයක් කටට ආවත් කටේ තිබ්බ ටික බඩට දාගන්නකල් මට කතාකරගන්න විදිහක් තිබ්බෙ නෑ...

" අද රෑට මයි නදීරයි උක්කනව උඹත් වරෙන් එහෙනං තුන්දෙනා එක්කම උක්කමු..."

" අඩෝ කොහෙන්ද උක්... නදියා ගේනව කිව්වද එද්දි ...??? "

" ඔව් ඔව් බං වරෙන්කො යන්න අද හොඳට කන්න ඕනෙ නැත්තං උක්කන්න හයිය මදිවෙනවනෙ....!! "

" ඇයි තොගෙ දත් පණුවො කාලද ? උක් කන්න කලින් යම එහෙනං ඩෙන්ටල් එකට..."

ටියුබ් ලයිට් ක්‍රිෂාට මං කියපු දේ තාමත් තේරුනේ නැති නිසා මං ඌ ඉන්න පැත්තට හැරිල මගෙ ඩික් එක මිරිකුව.

" ගස් උක් නෙවෙයි මීමෙ කීවෙ මේ උක් මේඒඒ....!! "

මං මගෙ ඩික් එක අල්ලල මිරිකල අරූට පෙන්නුවෙ දැන්වත් තේරුනාද අහන්න...

" ඉදකින්!! ඉදකින් !! වල් පරයා...!! තෝම කාපිය ඔය උක්... !! "

මට බැන බැන යන්න යන ක්‍රිෂ්ට මං අතේ තිබ්බ කේක් පෙට්ටිය ගුලි කරල ගහල පැනල දිව්වෙ ඌ ඒ ළඟ තිබ්බ ගලක් ඇහිඳගෙන මට ගහන්න පන්නපු හින්ද ...

ඒ නාඩගම ඉවරවෙලා අපි දෙන්න police station එකට ආවෙ අලුතෙන් ඇවිත් තියෙන කේස් මොනවද බලන්න....

උපරිම ඕනෙනං පැය දෙකක් යන්න ඇති ක්‍රිෂ් පිස්සෙක් වගේ කඩාගෙන බිඳගෙන මං ඉන්න තැනට දුවගෙන ආපු හින්ද මං කන්ෆියුස් වෙලා උගෙ දිහා බැලුවෙ මොන මගුලක් ද වෙලා තියෙන්නෙ අහන්න..!!

DOUBLE ඉරOpowieści tętniące życiem. Odkryj je teraz