DOUBLE ඉර 7

321 53 8
                                    


නදීර ඇතා නාවපු හෝස් එකෙන්ම නාන ගමන් අපි දෙන්නට කතාකරපු හින්ද අපි දෙන්න ඌ ගාවට කිට්ටු උනේ එන්න කියපු හේතුව බලන්න.

" ආයු සර් කාලද ආවෙ ? මටනං අම්බානෙට බඩගිනී . කාලා ආවත් ප්‍රශ්නයක් නෑ ආයෙ කමු ඈ. ඊයෙත් හරියට කන්න බැරි උනානෙ. මොකෝ කියන්නෙ හාද ? එහෙනං හරි හානෙ. මං ඇඳුම්ටික අරගෙන විනාඩියෙන් එන්නං. මෙතනම ඉඳපල්ල ඈ "

අනේ මන්ද ඌම ප්‍රශ්නෙ අහල ඌම උත්තරත් දීල අපි මොකුත් කියන්නත් කලින් වතුර බේරි බේරිම ඌ දුවල ඉවරයි.

" ඒයි නදීර ඔහොම හිටපන් !!! "

" ඕ ඇයි ! මං ඇඳුමක් දාන් එන්නං... "

" නදීර දැන් මං මොකක්ද උඹට කිව්වෙ එකපාරක් !!! "

ඔහොම හිටපන් කියද්දිත් ආයි නදීර වහුපැටිය දුවන්න හදපු හින්ද මං ටිකක් සද්දෙන් සැරෙන් ආයෙමත් මං කෑගැහුවෙ ඕකව නවත්තගන්න වෙන කිසිම විදිහක් නැති නිසා. මොකාද එකා වගේ ඔලුවත් කහ කහ ආයෙමත් නදීර මං ගාවට එද්දිම මං උගෙ කනෙන් අල්ලගත්ත.

" ආව්...!! ආව්...!! ඌයි...!!! කන කන ආආහ්... රිදෙනව හොරා පොලිසො..."

" රිදෙන්න තමයි මිරිකුවෙ , දැන් මට කියපන් උඹෙ පෝන් එකට ඇත්තටම මොකක්ද උනේ කියල...!! "

" ඇයි දෙයියනේ ඊයෙ කිව්වෙ සර් , පෝන් එක දන් දුන්න බං !!
ඌඌඌ ....ආයි හුත්තො රිදෙනව !!!
අතෑරපියකො...!! "

" අතාරින්නෙ තෝ ඇත්ත කිව්වහම !!
දැන් ඇත්ත කියපන් !!! නැත්තං තවත් රිදෙයි.....!!! "

" සර් හොඳ හිතින් කියන්නෙ අතාරින්න මට රිදෙනව...!!! "

" මං උඹට කිව්ව නදී.... ආඅහ් !!! "

මං කියන්න ගත්ත එක ඉවර කරන්න කලින් මගෙ පපුව මැද්දට වැදුන තද පාරකින් මං විසිවෙලා ගිහිල්ලා පිටිපස්සෙ තිබ්බ තණකොළ පිට්ටනියට වැටුන.....

" ඒ ආයු... උඹ හොඳින්ද ? ඇද්ද තොට පොලිස්පාට් දාන්න ගිහිල්ලා කරගත්ත හරිය..... !!! "

ක්‍රිෂ් මොනව කිව්වත් මං ක්ෂණිකව වැටුන තැනින් නැගිටල බැලුවෙ නදීර දිහා. උගෙ ඇස් රතුවෙලා අත්වල නහර පෑදිලා තිබ්බෙ හරියට ගස් කඳක් වටේට වැල් එතිල තියෙනව වගේ. ඒක දකින ඕනෙ එකෙක්ට ඇත්තටම බය හිතෙනව.

DOUBLE ඉරWhere stories live. Discover now