DOUBLE ඉර 16

248 45 2
                                    


කළු අයියගෙ බෝට්ටුවෙන් සමුඅරගෙන අපි දෙන්න ගිය මාළු බෝට්ටුවට අතරමගදි තවත් බෝට්ටු කීපයක් එකතු උන හින්ද කිසිම අතුරු ආබාධයක් නැතුව අපිට මාලෙවල ලෙල්ලමක් වගේ තැනකට ගොඩබහින්න පුළුවන්කම ලැබුණ...

අපිව , අපට නවතින්න ලෑස්ති කරල තිබ්බ තැනට  එක්කන් ගියේ අපේ වයසෙම කියල හිතන්න පුළුවන් කොල්ලෙක් . උගෙ නම අක්බර්. වෙලාවට උට සිංහල පුළුවන් , පුළුවන් කිව්වට ඉතිං හොඳටම නෙවෙයි තරමක් පුළුවන් .අපි එක්ක කතාකරන්න අපි කියනඒවා තේරුම්ගන්න ඒවට උත්තර දෙන්න උට පුළුවන්කම තිබ්බ...!!

මොනව උනත් අක්බර් පට්ට ඩයල් එකක් කිසි ලොකුකමක් නෑ. මුලින් පොඩ්ඩක් සැකෙන් වගේ අපි දෙන්න දිහා බැලුවත් ටිකක් වෙලා යද්දි ඌ අපිත් එක්ක ෆිට් උනා. ඌ අපිට එක්කන් ආවෙ මුහුද කිට්ටුවට වෙන්න තිබ්බ ලෑලි ගහල හදපු ගෙවල් කීපයක් තිබ්බ තැනකට.

" මේ තමයි , සර්ල ඉන්න තැන. කළු බොසා හදිස්සියෙ කිව්ව නිසා හරියට තැනක් හොයාගන්න බැරිඋනා ....
තැන අව්ලක් නෑනෙ නේ සර්ල...!!! "

" මේ හොඳ වැඩිත් එක්ක අක්බර් , ගොඩක් ස්තූතියි බං උඹට .!! "

" ස්තූති ඕනෙ නෑ සර්... කළු බොසා ඔක්කොම විස්තර මට කිව්ව. සේෆ්ටි එක ගැන සර්ල බයවෙන්න එපා....!! "

" කළු අයිය අපිට ඒ ගැන කිව්ව අක්බර් !!!
අක්බර් , දෙයක් අහන්නද උඹෙන්..!!!"

" අහන්න සර් හිත හිත ඉන්න එපා..!! "

" අපි දෙන්නට මෙහෙන් මොකුත් ජොබ් එකක් හොයාගන්න බැරිවෙයිද බං ?? "

" ම්ම්ම්ම්ම්....... මේ වෙලාවෙනං කියන්න අමාරුයි සර් , මං ටිකක් හොයල බලල කියන්නද !!! "

" ඒකට ප්‍රශ්නයක් නෑ අක්බර් , නාද්ටයි මටයි හදිස්සියක් නෑ. තව දෙයක් අක්බර් මහන්සි වෙන්න වෙන ජොබ් උනාට අව්ලක් නෑ ඒත් නරක ජොබ්නං එපා. හොටෙල් එකක ක්ලීනින් හරි ප්‍රශ්නයක් නෑ..... !! "

" ඒකත් එහෙම ද ? හරි එහෙනං , වැඩේ උනා කියල බොසාල හිතාගන්නකො. දවල් කෑම අර මේසෙ උඩ තියෙනව සර්ල. මං හවස්වෙලා මේ පැත්තෙ එන්නං. පොඩි වටයක් දාලා එමු හවස. මං නැතුව සර්ල වැඩියෙ එළියෙ ඇවිදින්න යන්න එපා. මේ හරියෙ ඉන්නෙ එච්චරම හොඳ උන් නෙවෙයි , අලුත් කියල දැගත්තොත් ප්‍රශ්න දාන්න එනව වැඩී...!! "

DOUBLE ඉරWhere stories live. Discover now