DOUBLE ඉර 11

266 45 5
                                    

ඩොක්ටව එක්කන් එන්නං කියල එළියට ගිය ක්‍රිෂ් ආපහු ඇවිත් භූතයෙක් දැකල බයවෙලා වගේ අපි ගාවට ඇවිල්ල ගොත ගගහ මොකක්ද කියන්න තටමන දිහා මායි නාදුයි බලන් හිටියෙ ෆුල් හොල්මන් වෙලා ...!!!

" ඩො.. ඩො.. ඩො....ක්..."

" මොකද යකෝ වෙලා තියෙන්නෙ ? ඩො.. ඩො... ගාන්නෙ... ඩොක්ට කෝ..?? "

මට ක්‍රිෂ්ගෙන් අහන්න පුළුවන් උනේ එච්චරයි. ඒත් එක්කම ක්‍රිෂ්ගෙ පිටිපස්සෙන් මතුඋන නාරි ලතා මලක් ක්‍රිෂ්ගෙ ගොතේ අපිටත් බෝකරා.

" හායි මං හිතන්නෙ ඔයා වෙන්න ඕනෙ ආයුෂ්...!!!  එතකොට මේ ක්‍රිෂාන්  ඇන්ඩ් මේ අපේ ලෙඩා නදීර ...!! ඈම් අයි රයිට්....? "

"අහ්....!! I'm really sorry , මට මාව introduce කරල දෙන්න බැරි උනානෙ...!!
මං ටීෂා ....!! මං තමයි ෆාරුස්ගෙ යාලුවා ඉතිං කොහොමද කට්ටියට....!!  "

ක්‍රිෂ්ට උන්හිටිතැන් අමතක උන එක අහන්න දෙයක් නෑ ෆාරුස් ඒ කිව්වෙ මගෙ යාලුව කියපු විදිහට මං හිතුවෙ ඩොකා කොල්ලෙක් කියල . ඒත් අපි කවුරුත් හිතපු නැති විදියට අපි ඉස්සරහ හිටගෙන හිටියෙ ඉටිරූපෙ වගේ ලස්සන කෙල්ලෙක්. ඒකි තනිකරම නාරිලතා මලක්. තාපසයෙක්ගෙ උනත් දැහැන බිඳින්න පුළුවන් ලස්සනක් ඒකිට තිබ්බ.ඒකිට ඩොක්ට කෙනෙක් කියල කියනවට වැඩියෙ මොඩ්ල් කෙනෙක් කියන්න තමයි පුළුවන්...!!!

" ඇයි මේ ඔක්කොම බයවෙලා වගේ... ?? "

" අහ්....!! න්...!! නෑ මේ ඩොක්ට අපි හිතුවෙ ෆාරුස් අපිට ඩොක්ටගෙ නම කිව්වෙ ෆර්නැන්ඩො කියල , ඉතිං අපි හිතුවෙ  ඩොක්ට කොල්ලෙක් වෙන්න ඇති කියල ....!!! "

" කතාකරා ඇති නදීරගෙ තුවාලෙ බලමු. ඔයාලට පුළුවන් තරම් වෙලාව ඉතුරුකරල දෙන්න මං බලන්නං...!!!
ආයුෂ් ,,, ඔයා දැන්ම නදීරගෙ බඩු පැක්කරන්න. නදීරව පුළුවන් ඉක්මනට එක්කො රටින් යවන්න ඕනෙ නැත්තං හංගන්න ඕනෙ.....!!!  "

" ඩොක්ට ඇයි එහෙම කියන්නෙ ? ඇයි නදීරව හංගන්න ඕනෙ...?? "

" රෂේන් මීට පැයකට විතර කලින් මැරුණ ආයුෂ්...!!! උනේ මොකක් උනත් නදීරව උන් අතාරින එකක් නෑ !!! "
හොල්මන් දැක්ක වගේ බයවෙන්න එපා. ෆාරු මට විස්තර කියද්දි ඒ කියපු කෙනා රෂේන්ගෙ සිද්දියට සම්බන්ධ කොල්ලා කියන්න මට අමුතුවෙන් හිතන්න ඕනෙ උනේ නෑ...!!! "

DOUBLE ඉරWhere stories live. Discover now