DOUBLE ඉර 14

259 45 1
                                    


කළු අයියගෙ හික් ගෑවෙන කතාව හින්ද එතන ඇති වුනේ ලොකු නිදහස් වාතාවරණයක් . මොකද අපිට මෙච්චර උදව්කරන මනුස්සට නාද් මගෙ මල්ලි කියන්න උන එකට මගෙ හිතේ තිබ්බෙ ලොකු වරදකාරී හැඟීමක් ...

" ඒ කියන්නෙ කළු අයියට තේරුනාද මේ ඉන්නෙ කවුද කියල ?? "

" මං වැල්ලෙ ඉපදිලා වැල්ලෙම උස් මහත් වෙච්ච කොල්ලෙක් මහත්තය , ඒ හින්ද මහත්තයල දෙන්නගෙ සම්බන්ධෙ මට අමුත්තක් නෑ. සුද්දන්ගෙ gay කපල් ඕනෙතරං මං දැකල තියෙනව මෙහෙ උන්නං ඉතිං ඒ වෙලාවට ඔය වැටකෙයිය ගාලක් අස්සෙ රිංගනව තමයි වැඩිහරියක් දැකල තියෙන්නෙ...
ඒ අතරෙ මට මහත්තයල දෙන්නගෙ ආදරේ පේන්නෙ මඩෙන් එළියට ආපු නෙලුම් මලක් වගේ. ලස්සනයි සුවඳයි....!! "

" බොරු කියන්න එපා බං කළු අයියෙ !
මූගාව පට්ට දාඩිය ගඳයි , එතකොට මූ ගාව දාඩිය ගඳට අමතරව බෙහෙත් ගඳයි.. !! "

මූ නං පුදුම කඩාපල්කාරයෙක් , මෙච්චර ලස්සන කතාවක් අස්සෙත් කිව්වනෙ මහ කුප්ප කුජිත කතාවක් . මං දුන්න ටෑං ගාලා ක්‍රිෂාගෙ මොලේ හෙල්ලිලා යන්න එකක්...!!

" ඇයි තෝ ගහන්නෙ උරුලෑවොන්ට ගඳයි නොකිය සුවඳයි කියල කියන්නද අපි. කළු අයියගෙ නහයනෑ ඒකයි තොපිට සුවඳයි කිව්වෙ...!! "

" ඒ මේ ආයු කරවෙන ගඳක් එන්නෙ නැද්ද බං උඹට ?? "

" එනව එනව බං නාද්....!! ඕක මට එන්නෙ උඹ ඩබල් ඉර කපපු දවසෙ ඉඳල.... !!! "

ක්‍රිෂ් රවාගෙන ඉන්නැද්දි මං නාද්ගෙ කම්බුලට කිස් එකක් දීල කිව්ව. ඒ අතරෙ නාද් හිමීට මගෙ කනට ලං උනේ මොකක්ද මන්ද රහසක් කියන්න ...

" මෙහ්... මං එදා කැපුවෙ තනි ඉර බං , ඩබල් ඉර තාම කපන්න උනේ නෑනෙ !! "

වෙඩි වැදිලත් මුගෙ වලත්තකම ගිහිල්ලා නෑ. උගෙ රහසට මාත් සාධාරණයක් කරන්න ඕනෙ හින්ද ක්‍රිෂ්ගෙ හීන් උන ඇස් දිහා බලලම මං නාද්ගෙ කනට මගෙ තොල්දෙක ලංකරා....

" බයවෙන්න එපා බං , කළු අයිය නිදා ගත්තහම අද මං උඹේ ඩබල් ඉර කපනව. හැබැයි  ටිකක් අමාරුයිවෙයි උඹට මැණික...!! "

" ඒයි ලව් බර්ඩ්ස් මේං අපේ ක්‍රිෂ් හොඳටම රත්වෙලා , එග් එකක් ඔයිල් නැතුව උනත් ෆ්‍රයි කරන්න පුළුවන් ...!! "

DOUBLE ඉරWhere stories live. Discover now