DOUBLE ඉර 5

323 55 4
                                    


මං නදීරව හොයාගෙන උගෙ ගෙදර ගියා කිව්ව එක කිව්ව නෙවෙයි කියවුනා. කටින් ඒක පැන්නත් එක්කම මං ක්ෂණිකව බැලුවෙ නදීරගෙ මූණ දිහා. ඒ මූණෙ මල් හතයි...!!

" ආව්ස් අප්පා...!!! කාකි කබා ගලවල ආවා නේ එහෙනං එන්න බෑ කිව්වට..!! "

" අනේ නෑ !! මං ඒ ළඟට ආපු ගමන් ඇවිල්ල බැලුවෙ !!!"

" අනේ හා. ඒ සර් මෙහ් ඇස්වල කැමරා හයි කරලද තියෙන්නෙ ?? "

" මොකක්ද බං ඒ ඇහුවෙ ? "

" නෑ මේකනෙ මට මතක විදිහට මං සර්ට මගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක කිව්වෙ නෑ. ඉතිං මං නොකියපු ඇඩ්‍රස් එක එදා මං අරං ගිය රෙජිස්ටර් ලෙටර් එකෙන් ඔච්චර ඉක්මනට මතක තියාගත්තෙ කොහොමද කියල බැලුවෙ...!!!! "

නදීරය ඒක කියද්දි මං ඌ දිහා බැලුවෙ බැරිවෙලා හරි මූ CID වත් කියල අහල බලන්න හිතාගෙන.....

" ෂර්ලොක් හෝම්ස්ගෙ නෑයෙක්ද උඹ ? "

" කොහොමද දැනගත්තෙ ?? "

" DNA ටෙස්ට් එකක් කරල දැනගත්තෙ !!!!

"  අනේ ඇත්තමද ඔය කියන්නෙ කොස්තාපල් පුඤ්ඤසෝම . උඹ නං ට්‍රැෆික් පොලිස් නෙවෙයි හොරා පොලිස්. ඒ ටිකට මගෙ ඇඟේ කෑලිත් උස්සල. !! "

" කවුද බූරුවො කොස්තාපල් පුඤ්ඤසෝම , දැනගනු මං ඩි....!! "

මේ පාරනං මං බළල මල්ලෙන් එළියට පනින්න කලින් යන්තං වළිගෙ කොනෙන් අල්ලගත්ත...

" ඔව් ඉතිං මොකක්ද ඩි ගාලා නැවැත්තුවෙ කොස්තාපල් සෑර් !! "

" නෑ මොකුත් නෑ , කොස්තාපල් බැරිනං ඕනෙ මගුලක් කියාගනිං උඹ ,
මගෙ ඇඟේ වදින්නෙ නෑනෙ ...!! "

" අම්මෝ සැර..!! ලස්සයි අප්පා තරහ ගියහම...!!! "

" බැහැපියකො ඔය ඇතාගෙ පිටෙන් මට ගිහිල්ල තියෙන තරහ පෙන්නන්න...!! "

" ඔච්චර තරහගන්න එපා හොරා පොලිස්. ඉක්මනින් නාකිවෙයි....!! "

" නාකි.. ඔව් ඔව් මිනිස්සු  නාකි වෙනව තමයි . හැබැයි මං නාකි වෙන්නෙ උඹ කරන අවලං වැඩවලට බයවෙලා...!! "

" හෑ මං මොකුත් කුපාඩි වැඩක් කරේ නෑනෙ සර්ට...!! "

" නදීර උඹට මං !!!! "

DOUBLE ඉරWhere stories live. Discover now