DOUBLE ඉර 17

276 41 5
                                    


නීතියට වැඩකරපු මට නීතිය වැඩක් නැති වෙද්දි , කොහොමත් නීතියක් කියල එකක් නොතිබ්බ මගෙ ඩබල් ඉරි වස්සට ඊට වඩා දෙයක් නෑ ඉතිං , දැන් නාද් අක්බර් එක්ක එකතුවෙ මුතු බිස්නස් එකක් අල්ලගෙන මොකක්ද මන්ද විකාරයක් නටනව. උගෙ බිස්නස් සරුයි , හම්බෙන හැම සතේම ගෙනත් ඔබල යන්නෙ මගෙ සාක්කුවේ. නාද් අතේ සල්ලි තියාගන්නෙ කලාතුරකින් ,  ඇත්තටම කිව්වොත් උට සල්ලි වලින් වැඩක් නෑ.

මේ වෙද්දි අපිට ක්‍රිෂ් එක්ක කතාකරන්න පුළුවන් උනේ අක්බර්ගෙ පෝන් එකෙන්. අපි පෝන් අරගෙන සිම් දාගත්තත් ක්‍රිෂ් කිව්වෙ ඒ නම්බර් උට එවන්න එපා කියල. ඌ සතියට සැරයක් විතර කතාකරේ අක්බර්ගෙ පෝන් එකට. කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේ වෙද්දි ඌ තනිකඩ නෑ. නාද්ට වෙඩි වැදුන එකෙන් මල් හීය වැදිල තිබ්බෙ උට. දැන් ටීෂා එකක් ඌ සෙට්වෙලා. වෙලාවකට දෙන්නම තමයි කෝල් අරං අපිට කතාකරන්නෙ.

නාද්නං ෆුල් ආතල් එකක් ක්‍රිෂ්ගෙන් ගන්නව ටීෂා ඉස්සරහදි ක්‍රිෂ් අර වීඩියෝ එකේ කියපු ඒවාගෙන් හින්ට් පාස් කර කර...!!

  පුරුදු විදිහටම අදත් අපි දෙන්න හොටෙල් එකේ වැඩට එන්න ලෑස්ති වෙද්දි නාද් මගෙ පිටිපස්සෙ ඉඳගෙන හොරගල් අහුලනව.

" වස්තු ඔක්කොටොම කලින් මට කියපන් දැන් ඇයි උඹ ඔය හොරගල් ඇහිඳින්නෙ කියල ආහ්..??? "

" මේ ආයු , අද හවස ටිකක් ලොකු බිස්නස් එකක් තියෙනව යන්ද මාත් එක්ක !!! "

" මොකක්ද අර black pearl බිස්නස් එකද ? "

" හ්ම් ඔව්. ඕඩර් එක අල්ලල දුන්නෙ උඹ හින්ද මං කැමති මේක උඹත් එක්කම ඉවරකරල දාන්න...!! "

" එකපාරටම මොකෝ මේ ආහ් , වෙනදට උඹ මට එන්න කියන්නෙ නෑනෙ නාද් ! මොකුත් ප්‍රශ්නයක් ද ? "

" අයියෝ නෑ බං , මොකුත් ප්‍රශ්නයක් නෑ , ටිකක් ඇවිදල එන්නත් එක්ක යමු කිව්වෙ , සල්ලි පස්සෙම දුවන්න මං කැමති නෑ ආයු...!! "

" අනේ පිස්සො , උඹ මට එන්න කියනවනං මං අපායට උනත් එනව , මං උඹට මේවා තනියෙම කරගන්න දුන්නෙ මං ඔය බිස්නස් ෆීල්ඩ් එකට එච්චර interest නැති නිසා. මට ඔය pearl ගැන කිසිම දැනුමක් නෑ. ඔය තැන්වල  ගිහිල්ල චාටර් වෙන්න බැරි හින්ද බං මං හොටෙල් එකේ උඹේ වැඩ ටිකත් බැලන්ස් කරන් හිටියෙ !!! "

DOUBLE ඉරWhere stories live. Discover now