DOUBLE ඉර 6

300 59 3
                                    


ක්‍රිෂ් කන එකත් පැත්තක දාලා මාවත් අහකට තල්ලු කරගෙන නදීර ගාවට පැන්නෙ උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව මං කන්ෆියුස් වෙලා ඉන්නැද්දි . මං නදීරට ගොඩක් හයියෙන් ගැහුවෙ නෑ ඒත් ඒ පාරෙන් උට එච්චර වේදනාවක් දැනුනෙ කොහොමද කියල මට හිතාගන්න බැරිඋනා ....!!

" ආහ්... ක්‍රිෂ් සර්,,,
  ආයුෂ් සර්ට බනින්න එපා ! සර් ගහපු පාරටම නෙවෙයි රිදුනෙ. ඊයෙ වැඩ කරද්දි යකඩ බාර් එකක් කොන්දෙ වැදුන. සර් ගහපුපාර වැදුනෙ එතනට. සර් හිතල කලේ නෑනෙ ක්‍රිෂ් සර්..!! "

" අනේ සමාවෙයන් නදීර මං උඹ කන්නෙ නැති නිසයි එකක් ගැහුවෙ..!! "

" ඒ ගැන හිතන්න එපා සර් !!!
සර්ට දිවැස් නෑනෙ...!!"

" මේ ටෙස්‍ටිකල් පොලිස් ඉතුරුටික කමුද ??? "

" මොන් ලබ්බක්ද බොල ඒ කිව්වෙ. මොක පොලිස්...!! "

" අයියෝ ගොන් ආයුෂ් සර් !! ක්‍රිෂ් සර් කිව්වෙ මොක පොලිස් කියල නෙවෙයි උඹේ ඇටේ පොලිස් කියල...!! "

" අනේ අම්මපා ක්‍රිෂ් !! තෝත් එකයි මූත් එකයි. තොපි දෙන්නම එක වල්ලෙ පොල්...!!! "

මං ඒක කිව්වහම නදීරය ඌ ඇඳන් හිටපු කලිසමේ ඉලස්ටික් එක උස්සල උගෙ ඩික් එක දිහා බලල ආයෙ ක්‍රිෂ් දිහා බැලුව....

" මේ ක්‍රිෂ් සර් !! සර්ගෙ වල්ලත් මගෙ එක වගේමද ? සර්ගෙ අකමැත්තක් නැත්තං පොඩ්ඩක් සන්සන්දනේ කරල බලමුද ...??? "

" ඒක තමයි බං නදීර මාත් බැලුවෙ. උඹ අද මුට වලු කැටේ පෙන්නුවෙ එහෙම නෑ නේද ඇඳුම් මාරු කරද්දි !!! ?? "

" අප්පා අමතක උනානෙ සර් ඒක සැක් විතරක් ...!! "

" නදීර හොඳ එකා වගේ උඹ මේක මගෙ අතින් කනවද ? නැත්තං භාගෙට කැඩිල තියෙන කොන්දෙ ඉතුරු හොඳ භාගෙත් මං කඩන්නද....??? "

" හි...හී.... ගහන්න එපා ඉතිං !!!  හොඳ හොරා පොලිස්නෙ...විහිලුවක් කරේ..!!! "

" හා...!! කෝ එහෙනං කට ඇරපන් ඉතිං සුදු මහත්තයො තවත් බලන් ඉන්නෙ නැතුව....."

මං නදීරට සුදු මහත්තය කිව්ව හින්ද උගෙ කට නිකම්ම ඇරුන. මං උට කවල ඉවරවෙලා වතුරත් දීල අත හෝදගෙන ආපහු එන ටිකට සුදු මහත්තය ආයෙත් නිදි. ක්‍රිෂ් බෑග් එකක් ඇද ඇද මොනවද හොයනව. ඌ හොයන්නෙ මොකක්ද කියල මට ඉවෙන් වගේ තේරුනා..

DOUBLE ඉරWhere stories live. Discover now