දඬු මොණරු 7

715 99 15
                                    

"කෝ අපේ චවික කොල්ල"

අපේ පිටි පස්සෙන් ආව අනූප සර් ඇහුවෙ අපි එක්කම කතා කර කර එන ගමන්.

"තාත්තව හම්බ වෙන්න ඕන කියල කඩේට ගියේ"

හසා, අනූප සර් එක්ක එක පෙළට යද්දි මම තුහින සර් එක්ක ඒ දෙන්නගේ පිටි පස්සෙන් වැටුනා.

"ඔය දෙන්නම ගමට අලුත් නිසයි මං මේක කියන්නේ හොඳද. මොකද ඔය දෙන්නත් මං වගේ ඇහැට කණට පේන කොල්ලො දෙන්නෙක්නෙ"

එහෙම කියාගෙන අනූප සර් ලොකු කතාවක් පටන් ගන්න හදද්දී එයා ඇරෙන්න අපි තුන් දෙනාටම හීනියට හිනාවක් ගියා, බොරු කියන්න ඕන නෑනේ ඉතින් සර්කාරයා ලස්සනයි තමයි. ඇග එහෙමත් ගානට හදාගෙන නීට් එකට ඇද පැළඳ ගෙන ඉන්න එළ කොල්ලෙක්, ඒත් ඉතින් පම්පෝරියනෙ ඉවසන්න බැරි.

"මේ ගම අනිත් ගම් වගේ නෙවෙයි කොල්ලනේ හරිද.... වෙන තැන් වල පාරේ බැහැලා යන්න බැරි කෙල්ලන්ටනේ, හැබැයි මේ ගමේ ඒ අපලෙ තියෙන්නේ කොල්ලන්ට. මමත් මේ වැඩ දන්න නිසා බේරිලා ඉන්නෙ"

"ඒ කිව්වේ අනූප සර්"

"මේකනෙ තුහින සර් මේ ගමේ කළු කුමාරයා නම් ඉන්නවද දන්නෙ නෑ, හැබැයි මෝහිනි ඉන්නවා කියල නම් ෂුවර්... මෝහිනිව දන්නවා නේද..... මේ ගමේ කොල්ලන්ට මෝහිනි හරී..... යට වැහෙනවා. ඊට පස්සේ උන් කරන්නේ කොල්ලන්ගේ පස්සෙන් යන එක"

"ඇත්තටමද"

"ඇත්තද කියලත් අහනවා, සර්ට කියන්න මං මෙහෙ ආපු මුල් දවස් වල නිවාඩු දවසට උදේට,අනිත් දවස් වල හවසට ගම වටේ පොඩ්ඩක් දුවන්න ගත්ත. ජිම් යන්න වෙලාවකුත් නෑනෙ ඉතින්..... ටික දවසයි ඒ වැඩේ කරන්න උනෙත්... ඇයි දන්නවද ඒක නවත්තන්න උනේ "

"බල්ලො පස්සෙන් එලෙව්වද"

"බල්ලො නෙවෙයි කොල්ලො කොල්ලො"

අනූප සර්ට කියල කට ගන්න උනේ නෑ අපිට ඉස්සරහින් ආව බයික් එකක් අපි ළඟදීම පාර අයිනෙ තිබ්බ මඩ වලක් උඩින් දැම්මෙ පාර පැත්තෙන් ගිය තුහින සර්ට හොඳ මඩ පාරක් වැදෙද්දී.

"ආයිශ්.... පොට්ටද මනුස්සයෝ, බාප්පද ලයිසන් දුන්නෙ, මෙච්චර පාරෙ ඉඩ තියෙද්දි මඩ වලටම පැන්නනෙ මඩ කනයා.ශික් කොහෙද යන මී හරකෙක්"

දඬු මොණරු Where stories live. Discover now