දඬු මොණරු 26

590 91 17
                                    

මානවී අක්ක ඉස්කෝලෙ කැපී පෙනුනු ළමයෙක්නෙ. ඒ නිසාම හැමෝම කතා වෙන්නේ එයා ගැන. ඊයේ ඉස්කෝලෙ වෙච්ච සිද්ධියත් දැනගෙන හිටියේ කීප දෙනයි, ඒත් අද වෙද්දි ඒකත් හැමෝම දැන ගත්ත. අද අනගි ඉස්කෝලෙ ඇවිල්ලත් නෑ.

"ඇත්තටම කාත් එක්කද බං ගිහින් තියෙන්නේ. දමිත් අයියා නම් නෙවෙයි. අන්න ඌ පිස්සු නටනවා. ඕකා දැඟලුවේ ඕකට තමයි"

"ඇමති පුතා වෙන්නත් පුළුවන්, නැත්නම් ඉතින් තව කොල්ලො ඉන්න ඇතිනේ එයාට"

අද මුළු ඉස්කෝලෙම ඕක ගැන කතා වෙද්දි අපිත් ඒ ගැන කතා උනා.

ඉන්ටවල් එකේදි අපි කාලා අත හෝදන්න යද්දි මානවී අක්කගෙ යාලුවො ටික ටැප් එක ළඟ.අපිව දැක්ක විතරයි අමුතු විදියට හිනා වෙන්න ගත්ත.

"ආ නේත්‍ර, නෑනා හඳපානෙම ගිහින් නේද, මස්සිනාට බිංදුව තමයි ඉතින් දැන්"

ඒක ඇහුණු ගමන් චවියට යකා ආවේස උනා.....

"මේ නේත්‍ර උබලගෙ මාමට කියපන් පොලිසියට ගියාම දුවව ළඟින් ආශ්‍රය කරපු උන් ගැනත් කියන්න කියල, එතකොට දැන ගන්න පුළුවන් ඉන්නෙ කොහෙද, කාත් එක්කද ගියේ කියල එහෙම"

"ඒක නම් ඇත්ත බං හීමිජ්ජියෝ වගේ ඉන්නවා දැන් මුකුත් නොදන්න බබ්බු වගේ"

"ආ.... දැන් ඒකි පැනලා ගිය එකටත් අපිද පළි, බලන්නකෝ අනේ"

"ළඟින් ඉඳන් හැම බලු වැඩටම උදව් කරලා ඉවර වෙලා දැන් බොරුවට රඟපාන්න ඕන නෑනේ අක්කෙ. මොනව උනත් ළඟින් හිටපු යාළුවා නේද, දැන් එයාව විහිළුවට ගන්න එක හරි කැත වැඩක් නේද"

"මොකද මොකද ළමයි මේ සද්දෙ"

අනූප සර් එක්ක තුහින සර් කෑම කාලා අත් හෝදන්න ආවෙත් ඒ වෙලාවේ.

"බලන්නකෝ සර් මෙයාලා දැන් නේත්‍රට අනන් මනන් කියනව මානවී අක්ක ගැන කියල "

"ඈ බං කෙල්ලනේ..... එකට කාපු බීපු යාළුවා නේද කියලා ඔය ඩිංගට අමතක උනාද, ඔය ලව් වලට උදව් පදව් කරන්න ඇත්තෙත් ඔයාලා නේද, යාළුවව වළට ඇදලා දාලා වැරදුනාම හිනා වෙන එක හරි කැතයි නේද. මමත් අද උදේ ඉඳන්ම ඔය ළමයින්ගේ හැසිරීම බලන් හිටියෙ"

දඬු මොණරු Where stories live. Discover now