දඬු මොණරු 17

652 97 35
                                    

චවියගේ රේඩාර් එකට හොරෙන් කපුටෙක්ට වත් ඉගිල්ලෙන්න බැරිලු, මට දැන් නම් හොඳටම ෂුවර් මුගේ රේඩාර් එකට කොණ්ඩ කුරුල්ලෙක් ඉගිල්ලෙනවා ලස්සනට අහු වෙලා කියල, ඇයි ඉතින් එහෙ ගිහින් දුවික අයියත් එක්ක මෙළෝ සිහියක් නැතිව කියවද්දි මේ හිච්චි රොයිටරේ ලැජ්ජ නැතුව අහන් ඉන්න ඇති. මූ දැන් මේක මගෙන් කෙලින්ම අහයිද නැත්නම් මං කියනකම් ඉදීද දන්නෙ නෑ. මොනව උනත් හිතේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නෙ මුන් දෙන්නත් එක්ක කියල උපදෙසක් ගන්න වෙනවා. මට එයාවත් ඕන රස්සාවත් ඕන.

"ඔය ළමයි හැමෝම ඊයේ වගේම අදත් පළවෙනි පීරියඩ් එකෙන් පස්සෙ පිට්ටනියට යන්න.තරඟ වලට තෝර ගන්න වැඩ එහෙම අපි ඉක්මනින් කර ගමු. මොකද ඉගෙන ගන්න වැඩත් මඟ අරින්න බැහැනේ සති ගණන්"

උදේ රැස්වීම වෙලාවේ ප්‍රින්සිපල් සර් කතාවක් කරද්දි එහෙම කියද්දි ගොඩක් දෙනෙක්ට නම් ඉතින් රජ මඟුල් වගේ. ඇයි ඉතින් පිට්ටනියට වෙලා නටන්න තියේ නම් මුකුත් ඕන නෑනේ.

"මොකද උබ උදේ ඉඳන් අමුතු ලයින් එකක් දෙන්නේ"

පිට්ටනියට යන අතර මඟදි බැරිම තැන මං අර හිච්චි පගාගෙන් ඇහුවෙ මූ අද මං දැක්ක වෙලේ ඉඳන් ඉඟි බිඟි පාන්න ගත්ත නිසා.

"ඇයි උබට එහෙම ලයින් එකක් පේනවද"

"පේන නිසානේ ඇහුවෙ පගෝ"

"මේ..... උබට ඇත්තටම අපිට කියන්න මුකුත්ම නැද්ද, මූට නැතත් අඩු ගානේ මේ මට වත් කියන්න මුකුත් නැද්ද උබට"

"තියෙනවා"

"එහෙනම් ඉතින් කියපන්කෝ, ඉවසන් ඉඳල ඇති වෙලා තියෙන්නේ ඈ"

අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන්, වතුර, කෑම ඕන උනාට මූට ජීවත් වෙන්න ඕන වෙන්නේ ඕපදූප. මූව චාජ් වෙන්නේ ඕපදූප වලින්. අනේ ඉතින් හිච්චි පගා.....

"හවසට කියන්නම් බං, මටත් මේ ගැන හිතල හිතල ඇති වෙලා තියෙන්නේ. මට උබල දෙන්න එක්ක පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕන, ඒ උනාට වැඩට ගියාම වෙලාවක් නෑනෙ බං"

"ම්ම්ම්..... අද බලමුකෝ වෙලාවක් හදා ගන්න"

මුන් දෙන්නම ඊට පස්සේ හාර හාරා මුකුත් ඇහුවෙ නැති නිසා හොඳයි. හසා නම් කොහොමත් අහන්නේ නෑ, කියනකම් පාඩුවේ ඉන්නවා මිසක්.....

දඬු මොණරු Where stories live. Discover now