දඬු මොණරු 33

568 85 14
                                    

මං වැඩ ඉවර වෙලා එද්දිත් යශ් අයියා ආවා. කවදා වෙනකම් එයා මෙහෙම මාව පරිස්සම් කරන්නද. එයාටත් වැඩ නැතුව නෙවෙයිනේ. මං හින්දා එයාටත් කරදරේ. අම්ම තාත්ත කවුරුත් නැතුව අසරණ වෙලා අමාරුවෙන් ජිවිතේ ගැට ගහ ගන්න හදන මගෙන්ම ප්‍රයෝජන ගන්න රුකී අය්ය වගේ අය හිතන්නේ වත් කොහොමද මන්දා.

"ඔහොම්ම දොළ ළඟට එනවද නාන්නත් එක්ක.මමත් එන්නම්"

යශ් අයියා අහද්දි මටත් ආස හිතුනා ආයෙත් එයා එක්ක දොලේ නාන්න. ගෙදරට ඇවිත් මල්ලිටත් කියල නාන්න ඕන දේවල් අරන් දුවගෙන යද්දි යශ් අයියා ඇවිල්ලත් ඉවරයි.එයා ඇදන් හිටපු ටී ශර්ට් එකත් ගලවලා ශෝට පිටින් වතුරට බැහැලා. මමත් ඉක්මනින් ටී ශර්ට් එක ගලවලා දාලා වතුරට පැන්නා. ගොඩක් දවසකින් පීනන්න හම්බ උනෙත්. ඒත් දෙයියනේ මේ වතුර අයිස් වගේ. හවස් වෙලා නිසා සීතල තවත් වැඩි වෙලා.

අපි දෙන්නම අර ගල් වලින් වට වෙච්ච වතුර වලට ගියා. උඩට ඇදුමකුත් නැතුව වතුර බේරි බේරි ඉන්න මං නිසා යශ් අයියා හිටියෙ එයාගෙ සීලේ රැක ගන්න ලොකු සටනක් දෙන ගමන්.ඒ සීලේ බිදිච්ච දවසට උනත් මං නම් පසු තැවෙන්නේ නෑ. මොකද ඒ එයාගෙ අයිතියනෙ. ඉතින් අද ඒ සීලේ බිදුනත් මට කමක් නෑ. මං මලක් නම් ඒ මලේ හැමදාම රොන් පිරුණේ එයා වෙනුවෙන් විතරමයි. එයත් දවසක් මාව තුරුල් කරන් මිමිණුවා

' මගේ පුංචි රෝස මලේ
  මමයි නුඹේ වියපත් බඹරා '

කියල. ඉතින් ඒ වියපත් බඹරා කවදා කොහොම රෝස මලෙන් රොන් බිව්වත් මං පසු තැවෙන්නේ නෑ.

මගේ තොල් පෙති සීතලට ගැහෙන හැටි බලා ඉන්න බැරි නිසාම වෙන්න ඇති එයා මාව තුරුලට අරන් ගැහෙන තොල් පෙති එයාගෙ තොල් පෙති අස්සේ හංග ගත්තේ. එයාගෙ නිදහස් අත් දෙක මගේ පිට පුරාම එහෙ මෙහෙ යද්දි මගේ ඇග ඇතුලෙන් අමුතු උණුසුමක් දැනුනා.

ගොඩ වෙලාවකට පස්සෙ මගේ තොල් පෙති අත ඇරපු ඒ සීතල තොල් පෙති මගේ බෙල්ල පුරාම හරිම සියුම් විදියට එහෙ මෙහෙ යද්දි මගේ සීතල දෙගුණ තෙගුණ වෙලා හී ගඩුත් පිපුණා.යශ් අයියගෙ සීතල අත් වලින් මගේ ඉණ අල්ලද්දී දැනුනු කිතිය නිසාම මං දගලද්දි එයා තවත් හයියෙන් මාව තද කරල අල්ල ගත්ත. සීතල නිසාම ඕනවටත් වඩා ඉලිප්පුණු රෝස පාට හංස තුඩු ඒ තොල් අතරේ හැන්ගෙද්දි මෙච්චර වෙලා මගේ උගුරෙන් පිට උන හීන් කෙදිරිය තවත් සද්දෙන් පිට උනා.......

දඬු මොණරු حيث تعيش القصص. اكتشف الآن