දඬු මොණරු 16

700 89 34
                                    


මල්ලියි සෙනාල් මල්ලියි දෙන්නා වගා කරන්න තිබ්බ ඉඩේ ගොඩක් සුද්ද කරලා තිබ්බා. පොඩි එකා ඔය වගේ දෙයක් හරි කරලා මෙහෙට හුරු වෙන එක හොඳයි. නැත්නම් ගෙට වෙලා ඔහේ කල්පනා කර කර ඉදී.අද නම් සෙනාල් මල්ලි වගේම ධනුක මල්ලිත් ඇවිත් උදව්වට. පොඩි උන් වැඩ කරද්දි මං කොහොමද ගේ ඇතුලට වෙලා ඉන්නේ. ඒ නිසා මල්ලි එපා කියද්දිම මමත් ගිහින් එයාලට ටිකක් උදව් කරා. සර්ලා අරන් ආව බිස්කට් පැකට් එක කඩලා කෙසෙල් ගෙඩිත් එක්කම සෙනාල් මල්ලිලාටත් දුන්න. ඒ වෙලාවේ තමයි මටත් හිතුනේ තේ ටිකක් හදා ගන්න තිබ්බ නම් කොච්චර හොඳද කියලා.....

තේ ටිකක් ඉල්ල ගන්න ගියා නම් අපි වගේම සෝමා නැන්දත් බැනුම් අහනවා. ඒ නිසා පාඩුවේ හිටිය.කොහොම හරි ඕන කරන දේවල් ටික ටික ගත්ත නම් හරි.

අපි වැඩ කර කර ඉද්දී කෝල් එකක් ආවා. බලද්දි තඹර අයියා. මං මල්ලිලාට වැඩ කරන්න කියල ෆෝන් එකත් කනේ තියාගෙන ටිකක් එහාට ගියා.

"නේත්‍ර මොකද කරන්නේ"

"මල්ලි ගේ පිටි පස්සෙ ටික සුද්ද කරනවනෙ අය්යේ.ඒකට උදව් කරා ටිකක්"

"ආ... මට මල්ලි කිව්ව තමයි. ඔයාලා ඒ වගේ දෙයක් කරන එක හොඳයි නේත්‍ර. ඔය දෙන්න දැන් තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන කාලේ. අපේ අම්මලා ඕකට මොනව හරි කියයි. ඒවා ගණන් ගන්න එපා. මොකද සීයා කැමැත්ත දීලනෙ තියෙන්නේ"

"අපිට බනීද අයියෙ"

"නෑ නෑ බය වෙන්න එපා මනුස්සයෝ. මමත් එද්දී කියල ආවේ එයාලට. ඒ උනාට ඉතින් වගාව දකිද්දී ඉරිසියා හිතෙයි ඉතින්, මම දන්නවනේ අපේ අම්මයි, ආච්චි අම්මයි ගැන.... සෝමා නැන්දට කියල ඔයාලගේ යුනිෆෝම් අයන් කර ගන්න නේත්‍ර. අම්මලා කියන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා "

"හරි අයියෙ"

"අනික තමයි තමුසෙ ඔන්ලයින් ඉන්නවා වැඩි. ආයෙත් මට අහු වෙන්න එපා හොඳේ. දෙන්නත් එක්ක ඉස්කෝලෙ වැඩ වලට ටිකක් වැඩිපුර අවධානය දෙනවා"

එක වෙලාවක හොඳින් කතා කරනව ආයෙත් ටිකකින් ඇගට කඩා පනිනවා. අනේ මන්දා මට නම් තේරුම් ගන්න බෑ මේ මනුස්සයාව...

තඹර අයියත් එක්ක කතා කරලා ඉවර වෙලා ආයෙත් මල්ලිලාට ටිකක් උදව් කරල නාගෙනම ගෙට ආවා.

දඬු මොණරු Where stories live. Discover now